දෙවරක් ලෝක ශුරයින් වූ කොදෙව්වන් ලෝක කුසලානයෙන් එළියට විසි වෙයි
Match Report
1975 හා 1979 ලෝක ක්‍රිකට් ශූරයින් වන බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමට 2023 ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලිය සදහා සුදුසුකම් ලබා ගැනීමේ අවස්ථාව අද(1) අහිමි වුණා.
ඒ, ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට සුදුසුකම් ලබා ගැනීමේ තරගාවලියේ 23 වැනි තරගය හෙවත් සුපිරි 6 වටයේ තෙවැනි තරගයෙන් ස්කොට්ලන්තය හමුවේ කඩුලු 7 කින් ලැබූ පරාජයත් සමගයි.
හරාරේ හී දී පැවැති තරගයේ කාසියේ වාසිය දිනූ ස්කොට්ලන්තයේ ආරාධනයෙන් පළමුව පන්දුවට පහරදුන් කොදෙව්වන් පන්දුවාර 43.5 ක් අවසානයේ සියලු දෙනා දැවී ලකුණු 181 ක් පමණක් රැස් කළ අතර, පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ස්කොට්ලන්තය පන්දුවාර 43.3 ක් අවසානයේ කඩුලු 3 ක් පමණක් දැවී ජයග්‍රාහී ඉලක්කය පසු කළා.
Christopher McBride ස්කොට්ලන්ත ඉනිමේ පළමු පන්දුවෙන්ම දැවී ගියා. අනතුරුව දෙවැනි කඩුල්ල සදහා Matthew Cross හා Brandon McMullen ලකුණු 125 (175) ක අගනා සම්බන්ධතාවයක් ගොඩ නගමින් සිය කණ්ඩායමට විශිෂ්ඨ ජයග්‍රහනයක් සදහා මග පාදා දුන්නා.
McMullen ලකුණු 69 ක් රැස් කළ අතර, Cross නොදැවී ලකුණු 74 යි. George Munsey ලකුණු 18 කට දැවී ගියා.
පන්දු යැවීමේ දී ජේසන් හෝල්ඩර්, රොමාරියෝ ෂෙපර්ඩ් හා අකීල් හොසෙයින් කඩුල්ල බැගින් බිද හෙලුවා.
තරගයේ පළමුව පන්දුවට පහරදුන් කොදෙව් ඉනිමේ පළමු කඩුලු 4 ලකුණු 30 ක් තුළ බිද වැටුණා. ඉනිමේ වැඩිම ලකුණුලාභියා වූ ජේසන් හෝල්ඩර් ලකුණු 45 ක් රැස් කළ අතර, රොමාරියෝ ෂෙපර්ඩ් ලකුණු 36 යි. බ්‍රෙන්ඩන් කිංග් ලකුණු 22 ක් හා නිකලස් පූරාන් ලකුණු 21 ක් ලබා ගත්තා.
පන්දු යැවීමේ දී Brandon McMullen කඩුලු 3 ක් දවා ගත් අතර, Chris Sole, Mark Watt හා Chris Greaves කඩුලු 2 බැගින් බිද හෙලුවා.
මෙම ජයත් සමග 2023 ලෝක කුසලානයට සුදුසුකම් ලබා ගැනීම පිළිබද සිය බලාපොරොත්තු ඉහළ මට්ටමක රදවා ගැනීමට ද ස්කොට්ලන්තය සමත් වුණා.
අද ලැබූ පරාජයත් සමග කොදෙව්වන්ට ඉතිහාසයේ පළමු වරට ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියක් ක්‍රීඩා කිරීමේ අවස්ථාව අහිමි වුණා.
නවතම ප්‍රසාද ලකුණු සටහන –
[team_standings 47779]