දුනිත් වෙල්ලාලගේ යාපනය කණ්ඩායම සමග එක් වෙයි
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධාන කරන ජාතික සුපර් ලීග් එක්දින ක්‍රිකට් තරගාවලිය ක්‍රීඩා කිරීම සදහා ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායමේ නායක තුන් ඉරියව් ක්‍රීඩක දුනිත් වෙල්ලාලගේට අවස්ථාවක් හිමිව තිබෙනවා.
නිමා වූ යොවුන් එක්දින ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ වැඩිම කඩුලුලාභියා (කඩුලු 17ක්) මෙන්ම ශ්‍රී ලංකාව වෙනුවෙන් වැඩිම ලකුණුලාභියා (ලකුණු 264 ක්) වූ ඔහු ජාතික සුපර් ලීග් තරගාවලියේ දී ධනංජය ද සිල්වා නායකත්වය දරන යාපනය කණ්ඩායම නියෝජනය කිරීමට නියමිතයි.
මේ වන විට දුනිත් වෙල්ලාලගේ සෞඛ්‍ය මාර්ගෝපදේශවලට අනුකූලව PCR පරීක්ෂණවලට ද මුහුණ දී ඇති බව සදහන්.
ඔහු දින 3ක නිරෝධායන කාලසීමාවක් ගත කිරීමෙන් පසුව යාපනය සංචිතය සමග එක්වීමට නියමිත බව HitWicket.lk කළ සොයා බැලීමකදී තහවුරු වුණා.
ජාතික සුපර් ලීග් එක්දින තරගාවලිය මේ දිනවල ක්‍රීඩාංගන 4 ක් කේන්ද්‍ර කර ගනිමින් පැවැත්වෙන අතර, මේ වන විට පවත්වා නිමා කර ඇති සමස්ත තරග ගණන 14 ක්.
තවත් තරග 2 ක් අද (10) පෙරවරුවේ පල්ලකැලේ සහ දඹුල්ල යන ක්‍රීඩාංගනවලදී ආරම්භ වුණා.
තරග 6 කට ක්‍රීඩා කරමින් ඉන් තරග 4 ක් ජයග්‍රහණය කළ යාපනය කණ්ඩායම මේ වන විට ප්‍රසාද ලකුණු සටහනේ දෙවන ස්ථානයේ රැඳී සිටිනවා.
මූලික වටයේ දී යාපනය කණ්ඩායමට ක්‍රීඩා කිරීමට ඉතිරිව ඇති තරග ගණන 2 ක්.
එළඹෙන 13 වනදා ඔවුන් ගාලු කණ්ඩායමට එරෙහිව ද, එළඹෙන 16 වනදා කොළඹ කණ්ඩායමට එරෙහි ද ක්‍රීඩා කිරීමට නියමිතයි.
තරගාවලියේ අවසන් මහා තරගය පැවැත්වෙන්නේ එළඹෙන 19 වැනිදායි.