Ultimate magazine theme for WordPress.

දුනිත්ට හා විශ්මිට සම්මානයක්

ශ්‍රී ලංකා කණ්ඩායමේ හා ජැෆ්නා කිංග්ස් කණ්ඩායමේ යොවුන් ක්‍රිකට් ක්‍රීඩක කොළඹ ශාන්ත ජෝෂප් විද්‍යාලයේ දුනිත් වෙල්ලාලගේ “වසරේ පාසල් ක්‍රිකට් ක්‍රීඩකයා” සම්මානයෙන් පිදුම් ලබා තිබෙනවා.

ඒ, කොළඹ BMICH හී දී අද පැවැති 2022 Observer – Mobitel පාසල් ක්‍රිකට් සම්මාන උළෙලේදී යි.

ප්‍රධාන සම්මානයට අමතරව ඔහු “වසරේ ජනප්‍රියම පාසල් ක්‍රිකට් ක්‍රීඩකයා”, “වසරේ හොඳම පන්දු යවන්නා” සහ “වසරේ හොඳම තුන් ඉරියව් ක්‍රීඩකයා” යන සම්මාන ද හිමි කර ගත්තා.

වසරේ පාසල් ක්‍රිකට් ක්‍රීඩිකාවට හිමි සම්මානයෙන් පිදුම් ලැබුවේ ගම්පහ රත්නාවලි බාලිකා විද්‍යාලයේ විශ්මි ගුණරත්න.