දුනිත්ගෙන් කඩුලු 5ක්, අවිශ්කගෙන් හා නිපුන්ගෙන් ශතක ; තෙවැනි තරගයත් ජය පැරදුමෙන් තොරයි
Match Report

ශ්‍රී ලංකා නැගීඑන කණ්ඩායමේ බ්‍රිතාන්‍ය තරග සංචාරය යටතේ සරේ කණ්ඩායමට එරෙහිව පැවැති සිව්දින ක්‍රිකට් තරගය අද(23) ජය පරාජයෙන් තොරව අවසන් වුණා.
තරගයේ සිව්වැනි හා අවසන් දිනය වූ අද දිනය නිමා වන විට සිය දෙවැනි ඉනිම ක්‍රීඩා කරමින් සිටි ශ්‍රී ලංකා නැගී එන පිල කඩුලු 6ක් දැවී ලබා සිටි ලකුණු සංඛ්‍යාව 290ක්.
අවිශ්ක තරිදු පන්දු 108කින් ලකුණු 103ක් නොදැවී රැස් කළා. හයේ පහරක් හා හතරේ පහර 14ක් ඔහුගේ ඉනිමට ඇතුළත්.
නැවතත් පිත්තෙන් සාර්ථක ඉනිමක් දියත් කළ නායක නිපුන් ධනංජය ලකුණු 81ක් ලබා ගත්තා. ලසිත් කෘස්පුල්ලේ ලකුණු 49යි.
පන්දු යැවීමේ දී Brett Hutton හා Gus Atkinson කඩුලු 2 බැගින් දවා ගත්තා.
අද දිනය ආරම්භ කරන විට සිය පළමු ඉනිම ක්‍රීඩා කරමින් සිටි සරේ කණ්ඩායම කඩුලු 7ක් දැවී ලකුණු 482ක් ලබා සිටියා. ඔවුන් සියලු දෙනා දැවී පළමු ඉනිමට රැස් කළ ලකුණු සංඛ්‍යාව 556ක්.
ආරම්භක පිතිකරුවන් වන Ben Geddes ලකුණු 104ක් ද, Ryan Patel ලකුණු 126ක් ද වාර්තා කරමින් සරේ කණ්ඩායමට ප්‍රබල ආරම්භක් ගෙන දුන්නේ පළමු කඩුල්ලට ලකුණු 227ක දැවැන්ත සබදතාවයක් ගොඩ නගමින්. Gus Atkinson ලකුණු 91යි.
පන්දු යැවීමේ දී දුනිත් වෙල්ලාලගේ ලකුණු 143කට කඩුලු 5ක් දවා ගැනීමට සමත් වුණා. නුවනිදු ප්‍රනාන්දු හා අම්ශි ද සිල්වා කඩුලු 2 බැගින් බිද හෙලුවා.
සරේ හි Guildford ක්‍රීඩාංගනයේ දී පැවැති මෙම තරගයේ කාසියේ වාසිය දිනූ සරේ කණ්ඩායමේ ආරාධනයෙන් පළමුව පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා නැගී එන කණ්ඩායම කඩුලු 9ක් දැවී ලකුණු 372ක් ලබා සිටියදී පළමු ඉනිම අත්හිටුවීමටයි තීරණය කළේ.
නායක නිපුන් ධනංජය නොදැවී ලකුණු 150යි. අවිශ්ක තරිදු ලකුණු 48ක් ද, දුනිත් වෙල්ලාලගේ ලකුණු 46ක් ද වාර්තා කළා.
පන්දු යැවීමේ දී Tom Lawes ලකුණු 34කට කඩුලු 3ක් හා Amar Virdi ලකුණු 67ක කඩුලු 3ක් දවා ගත්තා.
ශ්‍රී ලංකා නැගීඑන කණ්ඩායමේ බ්‍රිතාන්‍ය තරග සංචාරය යටතේ මීට පෙර පැවැති සිව්දින තරග දෙක ද අවසන් වුණේ ජය පරාජයෙන් තොරවයි.
අවසන් දිනයේ විශේෂ අවස්ථා පහතින් –
Here are the highlights from the final day at Woodbridge Road – a match in which several Surrey youngsters seized their opportunity to shine ⭐ pic.twitter.com/55RI2zQJCm
— Surrey Cricket (@surreycricket) May 23, 2022