Ultimate magazine theme for WordPress.

දිල්ලි කැපිටල්ස් නායකත්වය අක්සාර් පටෙල්ට

2025 ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් දිල්ලි කැපිටල්ස් කණ්ඩායමේ නායකයා ලෙස අක්සාර් පටෙල් පත් කර තිබෙනවා.

2019 වසරේ සිට දිල්ලි කණ්ඩායම නියෝජනය කරන ඔහු ඉන්දීය රුපියල් කෝටි 16.50 ක මුදලකටයි එම කණ්ඩායම විසින් සිය සංචිතයේ රදවා ගනු ලැබුවේ.

අක්සාර් පටෙල් පසුගිය වසරේදී එක් තරගයකදී දිල්ලි කණ්ඩායම මෙහෙයවා තිබුණා. ඒ, එවකට කණ්ඩායමේ නායකයා වූ රිෂාබ් පාන්ට්ට එරෙහිව පනවා තිබූ තරග තහනමක් හේතුවෙන්.