Ultimate magazine theme for WordPress.

දිල්රුවන්ගේ සාමාජිකත්වය අත්හිටුවයි

කෝල්ට්ස් ක්‍රිකට් සමාජයේ දග පන්දු යවන ක්‍රීඩක දිල්රුවන් පෙරේරාගේ සාමාජිකත්වය අත්හිටුවීමට තීරණය කර ඇති බව වාර්තා වනවා.

ඒ, විනය විරෝධීව හැසිරීමේ සිද්ධියක් හේතුවෙන්.

කෝල්ට්ස් ක්‍රිකට් සමාජයේ සාමාන්‍යාධිකාරීවරයා සමග ඇති වූ බහින්බස් වීමක් මීට හේතු වී ඇති බව සදහන්.

පුහුණුවීම් සදහා ඇති තණතීරු සම්බන්ධයෙන් ඇති වූ ගැටලුවක් හේතුවෙන් පසුගිය අගෝස්තු 7 වනදා මෙම බහින්බස් වීම සිදුව තිබූ බවයි වාර්තා වන්නේ.

ශ්‍රී ලංකා ටෙස්ට් කණ්ඩායමේ ප්‍රධාන දග පන්දු යවන්නෙකු වන දිල්රුවන් පෙරේරා ටෙස්ට් තරග 41කදී බිද හෙලා ඇති කඩුලු සංඛ්‍යාව 156ක්.

පළමු පෙල කඩුලු 803කට ද ඔහු හිමිකම් කියනවා.