Ultimate magazine theme for WordPress.

දිමුත්ට LPL වරම් ? ක්‍රීඩා කළ හැකි සංචිත 5 මෙන්න

ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය ආරම්භ වීමට තවත් ඉතිරිව ඇත්තේ දින 16ක පමණ කාලයක් පමණයි.

දෙසැම්බර් 6 වැනිදා සිට 23 වැනිදා දක්වා පැවැත්වීමට නියමිත මෙවර එල්.පී.එල් තරගාවලිය ක්‍රීඩාංගන 3 කදී පැවැත්වීමටයි තරගාවලියේ සංවිධායකයින් පියවර ගෙන ඇත්තේ.

ඒ අනුව හම්බන්තොට මහින්ද රාජපක්ෂ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනය, මහනුවර පල්ලේකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනය හා කොළඹ ආර්. ප්‍රේමදාස ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනයේ දී තරග පැවැත්වීමට නියමිතයි.

මේ වන විට සියලු කණ්ඩායම් විසින් සිය සංචිත සදහා ක්‍රීඩකයින් තෝරා ගෙන අවසන්ව ඇතත්, සංචිත මෙතෙක් නිල වශයෙන් නිවේදනය කර නැහැ.

කෙසේ වෙතත්, තරගාවලියට ක්‍රීඩා කරන කණ්ඩායම් 5ට ඇතුළත් විය හැකි බවට වාර්තා වන සංචිත 5 ක් සන්ඩේ ටයිම්ස් පුවත්පත විසින් වාර්තා කර තිබෙනවා.

ඒ අනුව ශ්‍රී ලංකා ටෙස්ට් නායක දිමුත් කරුණාරත්න ද මෙවර තරගාවලියට ක්‍රීඩා කිරීමට ඉඩ ඇති බවයි එම පුවත්පත වාර්තා කර ඇත්තේ.

ඔහුව ගාලු කණ්ඩායම විසින් සිය සංචිතයට තෝරා ගෙන ඇති බව සදහන්. දිමුත් මීට පෙර කිසිදු LPL තරගාවලියක් ක්‍රීඩා කර නැහැ.

කුසල් ජනිත් පෙරේරා ද සිය ආබාධය සුව වීම හේතුවෙන් මෙවර එල්.පී.එල් තරගාවලිය සදහා ක්‍රීඩා කිරීමට සූදානමින් පසුවනවා.

තරගාවලිය සදහා සන්නාම තානාපතිවරුන් තිදෙනෙකු පත් කර ඇති බවයි ක්‍රිකට් ආයතනය මීට පෙර සදහන් කළේ.

බටහිර ඉන්දිය කොදෙව් හිටපු සුපිරි ක්‍රිකට් ක්‍රීඩක ශ්‍රීමත් විවියන් රිචර්ඩ්ස්, පාකිස්තාන හිටපු සුපිරි වේග පන්දු යවන ක්‍රීඩක වසීම් අක්‍රම් හා ශ්‍රී ලංකා හිටපු ක්‍රිකට් නායක සනත් ජයසූරිය යන මහත්වරුන් එලෙස සන්නාම තානාපතිවරුන් ලෙස පත් කර තිබෙනවා.

මෙවර ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලිය අගෝස්තු පළමු වැනිදා සිට 21 වැනිදා දක්වා පැවැත්වීමටයි මීට පෙර නියමිතව තිබුණේ.

කෙසේ වෙතත්, රට තුළ පවතින ආර්ථික අර්බුදය පදනම් කර ගනිමින් තරගාවලියේ සංවිධාන කටයුතු සිදු කරන ඉනෝවේටිව් ප්‍රඩක්ෂන් ගෘප් (Innovative Production Group) හෙවත් IPG ආයතනය විසින් කළ ඉල්ලීමක් සලකා බලා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තරගාවලිය කල් දැමීමට කටයුතු කළා.

සන්ඩේ ටයිම්ස් පුවත්පත වාර්තා කර ඇති පරිදි සංචිත 5 –

Colombo : Angelo Mathews, Charith Asalanka, Dominic Drakes, Naveen ul Haq, Niroshan Dickwella, Dhananjaya Lakshan, Dinesh Chandimal, Najibullah Zadran, Seekuge Prasanna, Jeffrey Vandersay, Ishan Jayaratne, Muditha Lakshan, Lakshitha Manasinghe, Kevin Koththigoda, Chathuranga Kumara, Navod Paranavithana, Chamod Battage

Dambulla: Rovman Powel, Dasun Shanaka, Sikander Raza, Bhanuka Rajapaksa, Noor Ahamed, Jordon Cox, Haider Ali, Chathuranga de Silva, Ramesh Mendis, Nuwan Pradeep, Paul Van Meekaran, Pramod Madushan, Lasith Croospulle, Tharindu Ratnayake, Kalana Perera, Dilum Sudeera, Sachitha Jayatilake, Dushan Hemantha, Sacha de Alwis Seneviratne, Ravindu Fernando, Lahiru Madushanka

Galle: Imad Wasim, Kusal Janith Perera, Kusal Mendis, Romario Shephard, Sherfane Rutherford, Azam Khan, Lahiru Kumara, Lakshan Sandakan, Nuwan Thushara, Tom Abell, Nuwanidu Fernando, Nimesh Vimukthi, Pulina Tharanga, Movin Subasinghe, Nipun Malinga, Sachindu Colombage, Lakshan Gamage, Tharindu Kaushal, Sammu Ashan, Dimuth Karunaratne

Jaffna: Jimmy Neesham, Thisara Perera, Tom Cadmore, Dhananjaya de Silva, Shoib Malik, James Fuller, Rahmanullah Gurbaz, Maheesh Theekshana, Binura Fernando, Dunith Wellalage, Waqar Salamakiel, Suminda Lakshan, Sadeera Samarawickrama, Praveen Jayawickrama, Dilshan Madushanka, Nipun Dananjaya, Vijayakanth Viyaskanth, Theesan Vithushan, Theivendram Dinoshan, Ashan Randika, Avishka Fernando, Asitha Fernando

Kandy: Carlos Brathwaite, Wanindu Hasaranga, Fabian Allen, Chamika Karunaratne, Andre Fletcher, Isuru Udana, Matheesha Pathirana, Ashen Bandara, Ahmed Daniyal, Ashan Priyanjan, Minod Bhanuka, Kamindu Mendis, Avishka Perera, Ashian Daniel, Malinda Pushpakumara, Janith Liyanage, Lasith Abeyratne, Kavin Bandara, Pathum Nissanka

Leave a comment