දිමුත්ගේ අර්ධ ශතකය හමුවේ ශ්‍රී ලංකාවට සාර්ථක ආරම්භයක්
Lunch Report
ශ්‍රී ලංකාව හා අයර්ලන්තය අතර පැවැත්වෙන පළමු ටෙස්ට් ක්‍රිකට් තරගය මේ වන විට ගාල්ලේ දී පැවැත්වෙනවා.
තරගයේ කාසියේ වාසිය දිනා ගැනීමට ශ්‍රී ලංකා නායක දිමුත් කරුණාරත්න සමත් වූ අතර, ඒ අනුව ඔහු පළමුවෙන් පන්දුවට පහර දීමටයි තීරණය කළේ.
දිවා ආහාරය සදහා තරගය නතර කරන විට සිය පළමු ඉනිම ක්‍රීඩා කරමින් සිටි ශ්‍රී ලංකාව එක් කඩුල්ලක් දැවී ලබා සිටි ලකුණු සංඛ්‍යාව 119 ක්.
නොදැවී පන්දුවට පහර දෙමින් සිටින නායක දිමුත් ලකුණු 54 ක් හා කුසල් මෙන්ඩිස් ලකුණු 33 ක් ලබා කඩුල්ලේ රැදී සිටිනවා.
ඉනිමේ පළමු කඩුල්ල ලෙස නිශාන් මදුෂ්ක ලකුණු 29කට දවා ගැනීමට කර්ටිස් කැම්පර් සමත් වුණා.
ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් සධීර සමරවික්‍රම අද තරගය සදහා කැදවා ඇති අතර, වේග පන්දු යවන්නන් දෙදෙනා ලෙස විශ්ව ප්‍රනාන්දු සමගින් අසිත ප්‍රනාන්දු ක්‍රීඩා කරනවා. ප්‍රධාන දග පන්දු යවන්නන් දෙදෙනා ලෙස ක්‍රීඩා කරන්නේ ප්‍රභාත් ජයසූරිය හා රමේෂ් මෙන්ඩිස්.