Ultimate magazine theme for WordPress.

දැවැන්ත මුදලක් යටතේ කමිඳු මෙන්ඩිස්ට BPL වරම්

ශ්‍රී ලාංකා තුන් ඉරියව් ක්‍රිකට් ක්‍රීඩක කමිඳු මෙන්ඩිස් මෙවර බංග්ලාදේශ ප්‍රිමියර් ලීග් (බී පී එල්) ක්‍රිකට් තරගාවලිය ක්‍රීඩා කිරීම සදහා සිල්හෙට් ස්ට්‍රයිකර්ස් කණ්ඩායම සමග ගිවිසුම් ගත වී ඇති බව වාර්තා වනවා.

ඇමරිකානු ඩොලර් 30,000ක මුදලකට ඔහු එම කණ්ඩායම සමග එක්ව ඇති බව සදහන්. එය ශ්‍රී ලංකා මුදලින් රුපියල් කෝටියක පමණ අගයක් වනවා.

23 හැවිරිදි කමිදු මෙන්ඩිස් මේ වන විට ශ්‍රී ලංකාව වෙනුවෙන් එක් ටෙස්ට් තරගයක්, එක්දින තරග 7 ක් හා 20යි 20 තරග 5 ක් ක්‍රීඩා කර තිබෙනවා.

බංග්ලාදේශ ප්‍රිමියර් ලීග් තරගාවලියේ 9 වැනි අදියර ලබන වසරේ ජනවාරි 5 වැනිදා සිට පෙබරවාරි 16 වැනිදා දක්වා පැවැත්වීමට නියමිතයි.

තරග 46ක් ඇතුළත් මෙවර තරගාවලිය සඳහා කණ්ඩායම් 7ක් තරග කිරීමට නියමිතව තිබෙනවා.