දසුන් ශානක යළිත් IPL පිටියට ; ගිවිසුම්ගත වූ වටිනාකම මෙන්න

ශ්‍රී ලංකා තුන් ඉරියව් ක්‍රීඩක දසුන් ශානකට මෙවරත් ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියට ක්‍රීඩා කිරීමේ අවස්ථාවක් උදා වී තිබෙනවා.
ඒ, ඔහු ගුජරාට් ටයිටන්ස් කණ්ඩායම සමග ගිවිසුම්ගත වීමත් සමගයි.
එම කණ්ඩායම නියෝජනය කළ ග්ලේන් පිලිප්ස් ආබාධයට ලක් වූ අතර, ඒ අනුව ඔහු වෙනුවට ආදේශක ක්‍රීඩකයෙකු ලෙසයි දසුන් ටයිටන්ස් කණ්ඩායම සමග ගිවිසුම්ගතව ඇත්තේ.
ඉන්දීය රුපියල් ලක්ෂ 75 ක වටිනාකමක් යටතේ දසුන් ගිවිසුම්ගත වී ඇති බව සදහන්.
මීට පෙර ද ඔහු 2023 තරගාවලියේදී ටයිටන්ස් කණ්ඩායම වෙනුවෙන් ක්‍රීඩා කළා.