Ultimate magazine theme for WordPress.

දසුන් ලෝක කුසලානයෙන් ඉවතට ; ආදේශක ක්‍රීඩකයාට අයි.සී.සී අනුමැතිය

ශ්‍රී ලංකා එක්දින ක්‍රිකට් කණ්ඩායමේ නායක දසුන් ශානකට මෙවර ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ඉතිරි තරග සියල්ල අහිමි වී තිබෙනවා.

ඒ, පාකිස්තානය සමග පැවැති තරගයේ දී ඔහු මුහුණ දුන් ආබාධයක් (quad injury) හේතුවෙන්.

ආබාධය පිළිබද සිදු කෙරුණු වෛද්‍ය පරීක්ෂණවලදී අනාවරණය වී ඇත්තේ ඔහුට අවම වශයෙන් සති 3ක පමණ කාලයක් විවේක ගැනීමට සිදු වන බවයි.

ශානක වෙනුවට චාමික කරුණාරත්න ලෝක කුසලාන සංචිතය සදහා ආදේශ කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුව පියවර ගෙන තිබෙනවා.

ඒ සදහා තරගාවලි තාක්ෂණික කමිටුවේ අනුමැතිය හිමිව ඇති බවයි අයි.සී.සීය නිවේදනය කළේ.

ඒ අනුව ඉදිරි තරගවලදී ශ්‍රී ලංකා කණ්ඩායම මෙහෙයවීමේ වගකීම උප නායක කුසල් මෙන්ඩිස්ට පැවරෙනු ඇති.

ලෝක කුසලානය සදහා අතිරේක ක්‍රීඩකයෙකු ලෙස මීට පෙර චාමික කරුණාරත්න නම් කර තිබූ අතර, ඒ අනුව ඔහු මේ වන විටත් ශ්‍රී ලංකා සංචිතය සමග ඉන්දියාවේ රැදී සිටිනවා.