දරු උපත හේතුවෙන් සිම්බාබ්වේ නායකයාට බංග්ලාදේශ ටෙස්ට් තරගය අහිමි වෙයි

0 197

බංග්ලාදේශය සමග පැවැත්වීමට නියමිත ටෙස්ට් ක්‍රිකට් තරගයේ දී සිම්බාබ්වේ කණ්ඩායම මෙහෙයවීමේ වගකීම ක්‍රෙයිග් අර්වයින්ට පැවරී තිබෙනවා.

ඒ, නිත්‍ය නායක ශෝන් විලියම්ස් අදාළ තරගයට ක්‍රීඩා නොකිරීමට තීරණය කර ඇති බැවින්.

සිය පළමු දරුවාගේ උපත හේතුවෙන් ඔහු අදාළ ටෙස්ට් තරගයට ක්‍රීඩා නොකරන බව සදහන්.

කෙසේ වෙතත්, දෙරට අතර පැවැත්වීමට නියමිත තරග 3කින් යුත් එක්දින ක්‍රිකට් තරගාවලිය සදහා ශෝන් විලියම්ස් ක්‍රීඩා කිරීමට නියමිතව ඇති බවයි වාර්තා වන්නේ.

ආබාධ හේතුවෙන් ක්යිල් ජර්විස් සහ චෙන්ඩායි චටාරා ද ටෙස්ට් තරගය සදහා ක්‍රීඩා කරන්නේ නැහැ.

කෙසේ වෙතත්, ශ්‍රී ලංකාවට එරෙහි ටෙස්ට් තරගාවලියේ දී දෙවරක් කම්පන තත්ත්වයන්ට ගොදුරු වූ කෙවින් කසූසා ටෙස්ට් සංචිතය සදහා කැදවා තිබෙනවා.

දෙරට අතර පැවැත්වෙන ටෙස්ට් ක්‍රිකට් තරගය ලබන 22 වනදා ඩකා හී දී ආරම්භ වීමට නියමිතයි.

Zimbabwe Test squad:

  • Sikandar Raza, Regis Chakabva (WK), Craig Ervine (C), Kevin Kasuza, Timycen Maruma, Prince Masvaure, Christopher Mpofu, Brian Mudzinganyama, Carl Mumba, Tinotenda Mutombodzi, Ainsley Ndlovu, Victor Nyauchi, Brendan Taylor, Donald Tiripano, Charlton Tshuma
You might also like

Leave A Reply

Your email address will not be published.