දකුණු අප්‍රිකා පිලේ ශ්‍රී ලංකා සංචාරයේ විස්තර විචාරක කමිටුව ප්‍රකාශයට පත් කෙරේ

දකුණු අප්‍රිකා කණ්ඩායමේ ශ්‍රී ලංකා තරග සංචාරයේ ජාත්‍යන්තර විස්තර විචාරක කමිටුව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් අද(30) ප්‍රකාශයට පත් කළා.
ශ්‍රී ලංකාවෙන් රොෂාන් අබේසිංහ හා ෆර්විස් මහරූෆ් යන මහත්වරුන් ඊට ඇතුළත්.
රසල් ආර්නල්ඩ් මහතා මෙම තරගාවලියට ජාත්‍යන්තර විස්තර විචාරකයෙකු ලෙස එක් වන්නේ නැහැ.
දකුණු අප්‍රිකා කණ්ඩායමේ ශ්‍රී ලංකා තරග සංචාරයේ දී දෙරට අතර එක්දින හා 20යි 20 තරග 3 බැගින් පැවැත්වීමට නියමිතයි.
පළමු එක්දින තරගය ලබන දෙවනදා කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගනයේ දී පැවැත්වීමට නියමිතව තිබෙනවා.
විස්තර විචාරක කමිටු –
1) Aamir Sohail
2) Roshan Abeysinghe
3) Mpumelelo Mbangwa
4) Neil Manthorp
5) Farveez Maharoof