Ultimate magazine theme for WordPress.

දකුණු අප්‍රිකා නායකයාට ශ්‍රී ලංකා සංචාරයේ ඉතිරි සියලු තරග අහිමි වෙයි

දකුණු අප්‍රිකා ක්‍රිකට් කණ්ඩායමේ නායක ටෙම්බා බවුමාට ශ්‍රී ලංකා තරග සංචාරයේ ඉදිරි තරග සියල්ල ක්‍රීඩා කිරීමේ අවස්ථාව අහිමි වී තිබෙනවා.

ඒ, ඊයේ(2) නිමා වූ පළමු එක්දින තරගයේ දී ඔහුගේ දකුණු අතෙහි ඇගිල්ලක සිදු වූ ආබාධය හේතුවෙන්.

ඒ අනුව ඉදිරි එක්දින තරග දෙකේ දී දකුණු අප්‍රිකා කණ්ඩායම මෙහෙය වීමේ වගකීම කේෂාව් මහරාජ්ට පැවරී තිබෙනවා.

දෙරට අතර පැවැත්වෙන දෙවැනි එක්දින තරගය හෙට(4) කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගනයේ දී පැවැත්වීමට නියමිතයි.