දකුණු අප්‍රිකා කණ්ඩායම දිවයිනට

ශ්‍රී ලංකා තරග සංචාරය අරඹමින් දකුණු අප්‍රිකා ක්‍රිකට් කණ්ඩායම අද(26) අලුයම දිවයිනට පැමිණියා.
ටෙම්බා බවුමාගේ නායකත්වයෙන් යුත් එක්දින සංචිතයට ක්‍රීඩකයින් 18 දෙනෙකු ඇතුළත් අතර, 20යි 20 සංචිතයට ක්‍රීඩකයින් 19 දෙනෙකු ඇතුළත්.
ක්වෙන්ටන් ඩී කොක් එක්දින තරගාවලියෙන් විවේක ගන්වා තිබෙනවා.
ලුන්ගි එන්ගිඩී හා ඩේවිඩ් මිලර් ද එක්දින සංචිතයට නම් කර නොමැති අතර, වේග පන්දු යවන ක්‍රීඩක ජූනියර් ඩලාට ශ්‍රී ලංකා තරග සංචාරය අහිමි වී ඇත්තේ මීට සති කිහිපයකට පෙර ඔහුට කොවිඩ් 19 වෛරසය ආසාදනය වී තිබීම හේතුවෙන්.
මෙම සංචාරයේ දී දෙරට අතර තරග 3 බැගින් යුත් එක්දින හා 20යි 20 තරගාවලි දෙකක් පැවැත්වීමට නියමිතයි.
සියලු තරග කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගනයේ දී පැවැත්වෙන අතර, පළමු එක්දින තරගය ලබන දෙවනදා දිවා රාත්‍රී තරගයක් ලෙස පැවැත්වීමට නියමිතව තිබෙනවා.
📸 South Africa National team led by Temba Bavuma, arrived in Sri Lanka for a limited-overs series 🛬 #SLvSA Fixture: https://t.co/ZaVgRmcDw5 pic.twitter.com/470WRlxla6
— Sri Lanka Cricket 🇱🇰 (@OfficialSLC) August 26, 2021