දකුණු අප්‍රිකාව යෝජිත පාකිස්තාන සංචාරය අවලංගු කරයි

0 302

දකුණු අප්‍රිකා කණ්ඩායම පාකිස්තානයේ සිදු කිරීමට යෝජිතව තිබූ තරග සංචාරය අවලංගු කිරීමට දකුණු අප්‍රිකා ක්‍රිකට් ආයතනය තීරණය කර තිබෙනවා.

ඒ, දකුණු අප්‍රිකා ක්‍රීඩකයින්ගේ කාර්යබහුල තරග කාලසටහන හේතුවෙන්.

ලබන මාසයේ දී ඔවුන් ඉන්දියාවේ ද තරග සංචාරයක නිරත වන බැවින් යෝජිත පාකිස්තාන සංචාරය අවලංගු කිරීමටයි දකුණු අප්‍රිකාව පියවර ගෙන ඇත්තේ.

අදාළ පාකිස්තාන සංචාරය මාර්තු මාසයේ දී සිදු කිරීමට යෝජිතව තිබුණේ පන්දුවාර 20යි 20 තරග තුනක් ක්‍රීඩා කිරීම සදහායි.

කෙසේ වෙතත්, ඉදිරියේ දී මෙම සංචාරය සිදු කිරීම සම්බන්ධයෙන් යළි සලකා බලන බව ද දකුණු අප්‍රිකාව සදහන් කර තිබෙනවා.

You might also like

Leave A Reply

Your email address will not be published.