දකුණු අප්‍රිකාව පරදා එංගලන්තයට තරග 3-1ක තරගාවලි ජයක්

0 122

දකුණු අප්‍රිකාව සමග පැවැති තරග 4කින් යුත් ටෙස්ට් ක්‍රිකට් තරගාවලිය තරග 3-1 ක් ලෙස ජය ගැනීමට සංචාරක එංගලන්ත කණ්ඩායම සමත් වුණා.

ඒ, දෙරට අතර පැවැති සිව්වන හා අවසන් ටෙස්ට් තරගයෙන් එංගලන්තය ලකුණු 191ක ජයක් වාර්තා කිරීමත් සමගයි.

තරග‍යේ සිව්වන දිනය වූ අද දිනයේ දී ලකුණු 466ක ජයග්‍රාහී ඉලක්කයක් හඹා යාම සදහා පිටියට පිවිසි දකුණු අප්‍රිකාවට සියලු දෙනා දැවී සිය දෙවන ඉනිමට රැස් කර ගත හැකි වූයේ ලකුණු 274ක් පමණයි.

රසී වැන් ඩර් ඩුසේන් ලකුණු 98කට දැවී ගියා.

පන්දු යැවීමේ දී මාර්ක් වුඩ් කඩුලු 4ක් බිද හෙලුවා.

ජොහැනස්බර්ග්හී දී පැවැති තරගය‍ේ කාසියේ වාසිය දිනූ එංගලන්ත කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහරදීමටයි තීරණය කළේ.

ඒ අනුව එංගලන්තය සිය පළමු ඉනිමට සියලු දෙනා දැවී ලකුණු 400ක් ලබා ගත්තා.

එංගලන්ත පළමු ඉනිම ශක්තිමත් කළ Zak Crawley ලකුණු 66ක් සහ ජෝ රූට් ලකුණු 59ක් රැස් කළා.

පන්දු යැවීමේ දී Anrich Nortje කඩුලු 5ක් බිද හෙලුවා.

පසුව සිය පළමු ඉනිම ක්‍රීඩා කළ දකුණු අප්‍රිකාව සියලු දෙනා දැවී ලකුණු 183ක් රැස් කළා.

ක්වෙන්ටන් ඩී කොක් ලකුණු 76යි.

පන්දු යැවීමේ දී මාර්ක් වුඩ් කඩුලු 5ක් බිද හෙලුවා.

අනතුරුව සිය දෙවන ඉනිම ක්‍රීඩා කළ එංගලන්තය ඊයේ(26) දිනයේ දී සියලු දෙනා දැවී ලබා ගත් ලකුණු සංඛ්‍යාව 248ක්.

නායක ජෝ රූට් ලකුණු 58යි.

පන්දු යැවීමේ දී බෙයුරන් හෙන්ඩ්‍රික්ස් කඩුලු 5ක් බිද හෙලුවා.

තරගයේ ලකුණූ සටහන –

You might also like

Leave A Reply

Your email address will not be published.