Ultimate magazine theme for WordPress.

දකුණු අප්‍රිකා ප්‍රබල වේග පන්දු යවන්නෙකුට ශූරයින්ගේ කුසලානය අහිමි වෙයි

පිට කොන්ද ආශ්‍රිත ආබාධයක් හේතුවෙන් දකුණු අප්‍රිකා වේග පන්දු යවන ක්‍රීඩක අන්රික් නොකියාට 2025 ශූරයින්ගේ කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලිය ක්‍රීඩා කිරීමේ අවස්ථාව අහිමි වී තිබෙනවා.

ඔහු ජූනි මාසයේදී පැවැති පන්දුවාර විස්සයි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියෙන් පසුව මෙතෙක් කිසිදු ජාත්‍යන්තර තරගයක් ක්‍රීඩා කර නැහැ.

පාකිස්තානය සමග පැවැති සුදු පන්දු තරගාවලිය සදහා අන්රික් නොකියා ක්‍රීඩා කිරීමට අපේක්ෂාවෙන් පසු වූ නමුත්, ඔහුගේ පාදයක ඇගිල්ලක සිදු වූ ආබාධයක් හේතුවෙන් ඔහුට එම තරගාවලිය ද අහිමි වුණා.

ඔහුට මේ දිනවල පැවැත්වෙන SA 20 තරගාවලියෙන්ද ඉවත් වීමටයි මේ වන විට සිදුව ඇත්තේ.

ඔහු වෙනුවට වෙනත් ක්‍රීඩකයෙකු දකුණු අප්‍රිකා සංචිතයට නම් කිරීමට එරට ක්‍රිකට් ආයතනය කඩිනමින් පියවර ගනු ඇති.

ශ්‍රී ලංකාවට එරෙහි ටෙස්ට් තරගාවලියේදී ආබාධයකට ලක්ව මේ වන විට සුවය ලබා සිටින ජෙරාල්ඩ් කොට්සියා බොහෝ විට අන්රික් නොකියා වෙනුවට සංචිතයට ආදේශ කිරීමට ඉඩ තිබෙනවා.

මීට පෙර 2019 හා 2023 එක්දින ලෝක කුසලාන තරගාවලිද ආබාධ හේතුවෙන් අන්රික් නොකියාට අහිමි වුණා.