Ultimate magazine theme for WordPress.

දකුණු අප්‍රිකා තුන් ඉරියව් ක්‍රීඩකයාට පාකිස්තානයෙන් තහනමක්

දකුණු අප්‍රිකා තුන් ඉරියව් ක්‍රීඩක Corbin Bosch හට පාකිස්තාන සුපර් ලීග් තරගාවලියට ක්‍රීඩා කිරීම වසරකට තහනම් කිරීමට පාකිස්තාන ක්‍රිකට් ආයතනය තීරණය කර තිබෙනවා.

ඒ, ඔහුව ක්‍රීඩක කෙටුම්පත් කිරීමේ අවස්ථාවේදී තරගාවලියට ක්‍රීඩා කිරීම සදහා තෝරා ගැණුනු නමුත්, පසුව තරගාවලියෙන් ඉවත් වීමට ඔහු ගත් තීරණය හේතුවෙන්.

ඔහු පෙෂාවර් සල්මි කණ්ඩායම වෙනුවෙන් ක්‍රීඩා කිරීමට නියමිතව සිටි නමුත්, පසුව මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම විසින් ඔහුව ක්‍රීඩක ආදේශ කිරීමක් ලෙස සිය සංචිතයට එක් කර ගත්තා.

ඒ අනුව ඔහුට 2026 තරගාවලියට ක්‍රීඩා කිරීම තහනම් කිරීමටයි පාකිස්තානය පියවර ගෙන ඇත්තේ.