Ultimate magazine theme for WordPress.

දකුණු අප්‍රිකා ටෙස්ට් සංචිතයට වෙනසක්

දකුණු අප්‍රිකානු වේග පන්දු යවන ක්‍රීඩක Glenton Stuurman ට එළඹෙන ඔස්ට්‍රේලියානු ටෙස්ට් තරග සංචාරය ක්‍රීඩා කිරීමේ අවස්ථාව අහිමි වී තිබෙනවා.

උදරය ආශ්‍රිත ආබාධයකට ගොදුරු වීම හේතුවෙනුයි ඔහුට එම සංචාරය අහිමි වී ඇත්තේ.

ඔහු වෙනුවට Lizaad Williams ටෙස්ට් සංචිතයට ආදේශ කර ඇති බවයි දකුණු අප්‍රිකා ක්‍රිකට් ආයතනය නිවේදනය කළේ.

ආබාධවලට ලක්වීම හේතුවෙන් කීගන් පීටර්සන්ට හා Ryan Rickelton ට ද මෙම තරග සංචාරය අහිමි වී ඇති බව එරට ක්‍රිකට් ආයතනය මීට පෙර නිවේදනය කළා.

මෙම සංචාරයේ දී දෙරට අතර ලෝක ටෙස්ට් ශූරතාවලිය යටතට අයත් ටෙස්ට් තරග 3ක් පැවැත්වීමට නියමිත අතර, පළමු තරගය දෙසැම්බර් 17 වැනිදා බ්‍රිස්බේන් හි ගැබා ක්‍රීඩාංගනයේ දී ආරම්භ වීමට නියමිතයි.

Updated South Africa squad:

Dean Elgar (c), Temba Bavuma, Gerald Coetzee, Theunis de Bruyn, Sarel Erwee, Simon Harmer, Marco Jansen, Heinrich Klaasen, Keshav Maharaj, Lungi Ngidi, Anrich Nortje, Kagiso Rabada, Rassie van der Dussen, Kyle Verreynne (wk), Lizaad Williams, Khaya Zondo.