දකුණු අප්‍රිකා ක්‍රීඩිකාවන්ටත් සම තැන හිමි වෙයි

දකුණු අප්‍රිකා කාන්තා ක්‍රිකට් ක්‍රීඩිකාවන් සදහා ද පිරිමි ක්‍රීඩකයින්ට ලබා දෙන ආකාරයෙන් සමාන තරග ගාස්තු ජාත්‍යන්තර තරගවලදී ලබා දීමට දකුණු අප්‍රිකා ක්‍රිකට් ආයතනය තීරණය කර තිබෙනවා.
මෙතෙක් එලෙස සමාන ගෙවීමක් කාන්තා-පිරිමි භේදයකින් තොරව ලබා දෙනු ලැබුවේ නවසීලන්තය හා ඉන්දියාව පමණයි.
ඊට අමතරව කණ්ඩායම් 6ක් ක්‍රීඩා කරන වෘත්තීය තරග ආකෘතියක් ක්‍රීඩිකාවන් සදහා හදුන්වා දීමට ද එරට ක්‍රිකට් ආයතනය තීරණය කර තිබෙනවා.
නව තරග ගාස්තු ගෙවීමේ ක්‍රමවේදය ලබන මාසයේ සිට බලපැවැත්වෙනු ඇති.
එනම්, දකුණු අප්‍රිකා කාන්තා කණ්ඩායමේ පාකිස්තාන තරග සංචාරයේ සිට මෙලෙස සමාන තරග ගාස්තු ගෙවීමේ ක්‍රමවේදයක් ක්‍රියාවට නැංවීමටයි කටයුතු කර ඇත්තේ.
කාන්තා ක්‍රිකට් වෙනුවෙන් වන මෙම නව ක්‍රියාවලීන් හේතුවෙන් ඩොලර් මිලියන 2.1 ක පමණ මුදලක් දකුණු අප්‍රිකා ක්‍රිකට් ආයතනට වසර 3ක කාලයක් සදහා අවශ්‍ය වන බවට ඇස්තමේන්තුගත කර තිබෙනවා.
කෙසේ වෙතත්, ඉන් ඩොලර් 800,000 ක පමණ මුදලක් එම කාලය සදහා දකුණු අප්‍රිකා රජයෙන් ද එරට ක්‍රිකට් ආයතනයට ලබා දීමට නියමිතයි.
මේ අතර, එංගලන්ත ක්‍රීඩිකා Alex Hartley මේ දිනවල පැවැත්වෙන හන්ඩ්‍රඩ් ක්‍රිකට් තරගාවලියෙන් පසුව වෘත්තීය ක්‍රිකට් දිවියට සමු දීමට තීරණය කර තිබෙනවා.
2017 වසරේ දී ලෝක කුසලානය ජය ගත් එංගලන්ත කාන්තා කණ්ඩායමේ ද සාමාජිකයෙකු ලෙස ඇය කටයුතු කළා.