Ultimate magazine theme for WordPress.

දකුණු අප්‍රිකාව 233/4

Day 1 Report

සංචාරක බංග්ලාදේශ කණ්ඩායම හා දකුණු අප්‍රිකා කණ්ඩායම අතර පැවැත්වෙන තරග දෙකකින් යුත් ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ පළමු තරගය අද(31) ඩර්බන් හී දී ආරම්භ වුණා.

තරගයේ කාසියේ වාසිය දිනූ බංග්ලාදේශය පළමුවෙන් පන්දු යැවීමටයි තීරණය කළේ.

ඒ අනුව පන්දුවට පහර දීමට පිටියට පිවිසි දකුණු අප්‍රිකාව දිනය නිමා වන විට කඩුලු 4ක් දැවී ලබා සිටි ලකුණු සංඛ්‍යාව 233ක්.

අයහපත් ආලෝක තත්ත්වය හේතුවෙන් අද දිනය සදහා ක්‍රියාත්මක කිරීමට හැකි වූයේ පන්දුවාර 76.5ක් පමණයි.

නායක ඩීන් එල්ගර් ලකුණු 67ක් හා Sarel Erwee ලකුණු 41ක් රැස් කළා.

ඔවුන් දෙදෙනා අතර පළමු කඩුල්ලට ගොඩ නැගුණු සබදතාවය ලකුණු 113ක්.

කීගන් පීටර්සන් ලකුණු 19කට දුවද්දී දැවී ගියා. Ryan Rickelton ලකුණු 21යි.

නොදැවී පන්දුවට පහර දෙමින් සිටින ටෙම්බා බවුමා ලකුණු 53ක් හා Kyle Verreynne ලකුණු 27ක් ලබා කඩුල්ලේ රැදී සිටිනවා.

පන්දු යැවීමේ දී එබඩොට් හොසේන්, කලෙඩ් අහ්මඩ් හා මෙහිදි හසාන් මිරාස් අතරේ එක් කඩුල්ල බැගින් බෙදී ගියා.