Watch : තේ පානයට පෙර ශ්‍රී ලංකාව වැදගත් කඩුලු 2ක් දඩයම් කරයි
Tea Report
ශ්‍රී ලංකාව හා නවසීලන්තය අතර පැවැත්වෙන තරග දෙකකින් යුත් ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ පළමු තරගයේ දෙවැනි දිනය මේ වන විට ක්‍රයිස්චර්ච් හී හෙග්ලි ඕවල් ක්‍රීඩාංගනයේ දී පැවැත්වෙනවා.
තේ පානය සදහා තරගය නතර කරන විට සිය පළමු ඉනිම ක්‍රීඩා කරමින් සිටි නවසීලන්තය කඩුලු 2 ක් දැවී ලකුණු 70 ක් ලබා සිටියා.
නවසීලන්ත කණ්ඩායමේ ආරම්භක කඩුල්ලේ සම්බන්ධතාවය ලකුණු 67 ක්. එම සබදතාවය බිද දැමීමට සමත් වුණේ අසිත ප්‍රනාන්දු විසින්. ඒ, ඔහුගේ පන්දුවක් හමුවේ ඩෙවෝන් කොන්වේ දවා ගනිමින්.
දැවී යන විට කොන්වේ පන්දු 88 කින් ලකුණු 30 ක් ලබා සිටියේ හතරේ පහර 2ක් ද සමගින්. කඩුල්ල මුවා කිරීමේ වරදට හසු වීමෙනුයි ඔහුට යළි ක්‍රීඩාගාරය වෙත හැරී යාමට සිදු වුණේ. (දර්ශන පහතින්)
අනතුරුව කේන් විලියම්සන්ගේ කඩුල්ල දවා ගනිමින් නවසීලන්තයට ප්‍රබල තර්ජනයක් එල්ල කිරීමට ශ්‍රී ලංකාව සමත් වුණා. (දර්ශන පහතින්) ලහිරු කුමාරගේ පන්දුවක් හමුවේ විලියම්සන් දැවී ගියේ එක් ලකුණක් ලබා සිටියදීයි. දිමුත් කරුණාරත්න අතට උඩ පන්දුවක් ලබා දීමෙන් ඔහු දැවී ගියා. නොදැවී පන්දුවට පහර දෙන ටොම් ලේතම් ලකුණු 35 යි.
Watch : දුර්වල පහරකින් ධනංජයගේ ඉනිම නැවතුණ හැටි
දිනය ආරම්භ කරන විට නවසීලන්තයේ ආරාධනයෙන් පළමුවෙන් පන්දුවට පහර දෙමින් සිටි ශ්‍රී ලංකාව කඩුලු 6 ක් දැවී ලකුණු 305 ක් ලබා සිටි අතර, ශ්‍රී ලංකා ඉනිමේ සියලු පිතිකරුවන් ලකුණු 355 කට දවා ගැනීමට නවසීලන්ත පන්දු යවන්නන් සමත් වුණා.
ශ්‍රී ලංකා ඉනිමේ වැඩිම ලකුණු ලාභියා වූ කුසල් මෙන්ඩිස් ලකුණු 87 ක් රැස් කළා, දිමුත් කරුණාරත්න ලකුණු 50 ක් ද, ඇන්ජෙලෝ මැතිව්ස් ලකුණු 47 ක් ද, ධනංජය ද සිල්වා ලකුණු 46 ක් ද, දිනේෂ් චන්දිමාල් ලකුණු 39 ක් ද ලබා ගත්තා. පන්දු යැවීමේ දී ටිම් සවුති කඩුලු 5 ක් දවා ගත්තේ ලකුණු 64 ක් ලබා දෙමින්. මැට් හෙන්රි ලකුණු 80 කට කඩුලු 4 ක් බිද හෙලුවා.
ඒ අනුව නවසීලන්තය මේ වන විට පළමු ඉනිමේ දී පිටුපසින් පසුවන ලකුණු සංඛ්‍යාව 285 ක්.
— CricDaily24 (@cricday96) March 10, 2023