නව තේරීම් කමිටුවට නම් 5ක් නිර්දේශ කෙරේ

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් නව තේරීම් කමිටුව සදහා පුද්ගලයින් 5 දෙනෙකුගේ නම් ජාතික ක්‍රීඩා සභාව වෙත භාර දී තිබෙනවා.
ඒ අනුව ඉන් තිදෙනෙකු තේරීම් කමිටුව සදහා පත් කරනු ඇති බවයි වාර්තා වන්නේ.
ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුවට සාමාජිකයින් 7 දෙනෙකු ඇතුළත් විය යුතු අතර, එහි සභාපතිත්වය දරනු ලැබූ අසන්ත ද මැල් මහතා පසුගියදා ඉල්ලා අස් වුණා.
කෙසේ වෙතත්, යොවුන් කණ්ඩායම් තේරීම සදහා සාමාජිකයින් දෙදෙනෙකු ද, කාන්තා කණ්ඩායම් තේරීම වෙනුවෙන් සාමාජිකයින් දෙදෙනෙකු ද අදාළ තේරීම් කමිටුවට ඇතුළත්ව සිටි අතර, ඔවුන් සිව් දෙනා තවදුරටත් අදාළ තනතුරුවල කටයුතු කරන බව සදහන්.
එම සිව් දෙනා හැරුණු විට සෙසු තිදෙනා පිරිමි ජාතික කණ්ඩායමේ තේරීම් සිදු කිරීම සදහා බැදී සිටිනවා.
වාර්තා වන අන්දමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් ජාතික ක්‍රීඩා සභාව වෙත නිර්දේශ කර ඇති පුද්ගලයින් වන්නේ රෝයි ඩයස්, ප්‍රමෝද්‍ය වික්‍රමසිංහ, රොමේෂ් කලුවිතාරන, හේමන්ත වික්‍රමරත්න සහ වරුණ වරාගොඩ යන අයයි.
Sri Lanka Cricket is nominating 5 candidates for the new selection committee.
🏏Roy Dias
⚾️Promodya Wickramasinghe
🏏Romesh Kaluwitharana
🏏Hemantha Wickramarathna
🏏Waruna Waragoda #SriLanka #Cricket 🏏🇱🇰 pic.twitter.com/GlUfWJ3h5s— DANUSHKA ARAVINDA (@DanuskaAravinda) February 2, 2021