තෙවැනි දිනයට වැස්සෙන් දැඩි බාධා – ශ්‍රී ලංකාව 518 ක් පිටුපසින්
Day 3 Report

ශ්‍රී ලංකාව හා ඔස්ට්‍රේලියාව අතර ගාල්ලේ පැවැත්වෙන පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේ තෙවැනි දිනය වූ අද(31) දිනයට වර්ෂාවෙන් දැඩි බාධා එල්ල වීම හේතුවෙන් අද දිනය පන්දුවාර 27 කට සීමා කිරීමට සිදු වුණා.
දිනය ආරම්භ කරන විට සිය පළමු ඉනිම ක්‍රීඩා කරමින් සිටි ශ්‍රී ලංකාව කඩුලු 3 ක් දැවී ලකුණු 44 ක් ලබා සිටි අතර, ඔවුන් දිනය නිමා වන විට කඩුලු 5ක් දැවී ලබා සිටි ලකුණු සංඛ්‍යාව 136 ක්.
අද දිනයේදී කමිදු මෙන්ඩිස් ලකුණු 15 කටත්, නායක ධනංජය ද සිල්වා ලකුණු 22 කටත් දැවී ගියා. දිනේෂ් චන්දිමාල් නොදැවී ලකුණු 63 ක් හා කුසල් මෙන්ඩිස් නොදැවී ලකුණු 10 ක් ලබා කඩුල්ලේ රැදී සිටිනවා.
පන්දු යැවීමේදී මිචෙල් ස්ටක් හා මැතිව් කුහ්නෙමන් කඩුලු 2 බැගින් දවා ගත් අතර, නේදන් ලයන් එක් කඩුල්ලක් බිද හෙලුවා.
තරගයේ පළමුව පන්දුවට පහරදුන් ඔස්ට්‍රේලියාව කඩුලු හයක් දැවී ලකුණු 654 ක් ලබා සිටියදී ඉනිම අත්හිටුවීමට තීරණය කළ අතර, ඒ අනුව ශ්‍රී ලංකාව මේ වන විට තවත් ලකුණු 518 ක් පිටුපසින් පසුවනවා.