Ultimate magazine theme for WordPress.

තෙවැනි එක්දින තරගයට ශ්‍රී ලංකා සංචිතය නම් කෙරේ ; ලහිරු ගැනත් නිවේදනයක්

ඇෆ්ඝනිස්තානය සමග පැවැත්වීමට නියමිත තෙවැනි හා අවසන් එක්දින ක්‍රිකට් තරගය සදහා වන ශ්‍රී ලංකා සංචිතය ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් අද (6) නිවේදනය කළා.

ඒ අනුව පළමු තරග දෙක සදහා නම් කෙරුණු ක්‍රීඩකයින් 16 දෙනෙකුගෙන් යුත් ශ්‍රී ලංකා සංචිතයම හෙට(7) පැවැත්වීමට නියමිත අවසන් තරගය සදහා ද නම් කිරීමටයි පියවර ගෙන ඇත්තේ.

කෙසේ වෙතත්, පළමු එක්දින තරගයේ දී පන්දු යවමින් සිටියදී ආබාධයකට ලක් වූ වේග පන්දු යවන ක්‍රීඩක ලහිරු කුමාරට හෙට තරගයට ක්‍රීඩා කළ හැකිදැයි මෙතෙක් අවසන් වශයෙන් තීරණය කර නැහැ.

හෙට පෙරවරුවේ දී ඔහුගේ ශාරීරික යෝග්‍යතාවය පිළිබද සලකා බලා ඔහු හෙට තරගය සදහා වන තේරීම්වලට සලකා බැලිය හැකිදැයි තීරණය කරනු ඇති.

දෙරට අතර පැවැත්වෙන තරග 3කින් යුත් එක්දින තරගාවලිය තරග 1-1 ක් ලෙස මේ වන විට කණ්ඩායම් දෙකම සම තත්ත්වයේ පසුවනවා.

තීරණාත්මක අවසන් එක්දින තරගය හෙට පෙරවරු 10 ට හම්බන්තොට ක්‍රීඩාංගනයේ දී ආරම්භ වීමට නියමිතයි.

ශ්‍රී ලංකා සංචිතය –

1) Dasun Shanaka – Captain
2) Pathum Nissanka
3) Dimuth Karunaratne
4) Kusal Mendis (WK) – Vice Captain
5) Angelo Mathews
6) Charith Asalanka
7) Dhananjaya De Silva
8) Sadeera Samarawickrama – (WK)
9) Chamika Karunaratne
10) Dushan Hemantha
11) Wanindu Hasaranga
12) Lahiru Kumara
13) Dushmantha Chameera
14) Kasun Rajitha
15) Matheesha Pathirana
16) Maheesh Theekshana