Ultimate magazine theme for WordPress.

තෙයුනිස්ට තෙවැනි ටෙස්ට් තරගය අහිමි වෙයි

දකුණු අප්‍රිකානු පිතිකරු Theunis de Bruyn ට ඔස්ට්‍රේලයාව සමග පැවැත්වීමට නියමිත තෙවැනි හා අවසන් ටෙස්ට් ක්‍රිකට් තරගය ක්‍රීඩා කිරීමේ අවස්ථාව අහිමි වී තිබෙනවා.

ඔහු හා ඔහුගේ බිරිදගේ පළමු දරු උපත වෙනුවෙන් Theunis de Bruyn යළි දකුණු අප්‍රිකාව බලා පිටත්ව යන බවයි දකුණු අප්‍රිකා ක්‍රිකට් ආයතනය සදහන් කළේ.

රසී වැන් ඩර් ඩුසේන් වෙනුවට ඔහුව දෙවැනි ටෙස්ට් තරගය සදහා කැදවූ අතර, එම තරගයේ දී ඔහු අංක 3 පිතිකරු ලෙස පිළිවෙලින් ලකුණු 12 ක් හා 28 ක් රැස් කළා.

දෙරට අතර පැවැත්වෙන තෙවැනි ටෙස්ට් තරගය එළඹෙන 4 වැනිදා සිඩ්නි හී දී ආරම්භ වීමට නියමිතයි.