Ultimate magazine theme for WordPress.

තුන්කොන් තරගාවලියේ ශූරතාවය නවසීලන්තයට

Match Report

පාකිස්තානයේ පැවැති තුන්කොන් එක්දින ක්‍රිකට් තරගාවලියේ ශූරතාවය දිනා ගැනීමට නවසීලන්තය ඊයේ (14) රාත්‍රියේ සමත් වුණා.

ඒ, කරච්චිහීදී පැවැති අවසන් මහා තරගයෙන් පාකිස්තානය පරදා කඩුලු පහක ජයක් හිමි කර ගනිමින්.

පළමුව පන්දුවට පහරදුන් පාකිස්තානය පන්දුවාර 49.3 ක් අවසානයේ සියලු දෙනා දැවී ලබා ගත්තේ ලකුණු 242 ක් පමණයි.

නායක මොහමඩ් රිස්වාන් ලකුණු 46 ක් රැස් කළ අතර, සල්මාන් ආගා ලකුණු 45 ක් ලබා ගත්තා.

පන්දු යැවීමේදී විල් ඕරෝක් කඩුලු 4 ක් දවා ගත්තේ ලකුණු 43 ක් ලබා දෙමින්. මයිකල් බ්‍රේස්වෙල් හා මිචෙල් සැන්ට්නර් අතරේ කඩුලු 2 බැගින් බෙදී ගියා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ නවසීලන්තය පන්දුවාර 45.2 ක් අවසානයේ කඩුලු 5 ක් දැවී ජයග්‍රාහී ඉලක්කය සපුරා ගත්තා.

ඩැරල් මිචෙල් ලකුණු 57 ක් ද, ටොම් ලේතම් ලකුණු 56 ක් ද, ඩෙවෝන් කොන්වේ ලකුණු 48 ක් ද රැස් කරමින් සිය කණ්ඩායම ජයග්‍රහනය කරා රැගෙන ගියා.

පන්දු යැවීමේදී නසීම් ශාහ් ලකුණු 43 කට කඩුලු 2 ක් දවා ගත්තා.