තිලක් වර්මාගේ හුදෙකලා සටන හමුවේ ඉන්දියාවට තියුණු ජයක්
Match Report

තිලක් වර්මාගේ සටන්කාමී නොදැවුණු ලකුණු 72 හමුවේ සංචාරක එංගලන්ත කණ්ඩායම සමග පැවැති දෙවැනි පන්දුවාර විස්සයි 20 ක්‍රිකට් තරගයෙන් කඩුලු දෙකක තියුණු ජයක් ලැබීමට ඉන්දීය කණ්ඩායම අද(25) සමත් වුණා.
තරගය ජය ගැනීම සදහා ලකුණු 166 ක ඉලක්කයක් හඹා ගිය ඉන්දියාව පන්දුවාර 19.2 ක් අවසානයේ කඩුලු 8ක් දැවී සිටියදීයි ජයග්‍රාහී ඉලක්කය පසු කළේ.
ඉනිමේ 5 වැනි කඩුල්ල ලකුණු 78 දී බිද වැටුණු නමුත්, හුදෙකලා සටනක නිරත වෙමින් තිලක් වර්මා පන්දු 55 කින් නොදැවී ලකුණු 72 ක් ලබා ගනිමින් ඉන්දීය පිල ජයග්‍රහනය කරා රැගෙන ගියේ හයේ පහර 5 කින් හා හතරේ පහර 4 කින් සිය ඉනිම වර්ණවත් කරමින්.
වොෂින්ටන් සුන්දර් ලකුණු 26 කටත්, සූර්යකුමාර් යාදව් හා අභිෂේක් ෂර්මා ලකුණු 12 බැගින් ලබා සිටියදීත් දැවී ගියා.
පන්දු යැවීමේදී එංගලන්තය වෙනුවෙන් බ්‍රයිඩන් කර්ස් ලකුණු 29 කට කඩුලු 3 ක් බිද හෙලුවා.
චෙන්නායිහි පැවැති තරගයේ කාසියේ වාසිය දිනූ ඉන්දියාවේ ආරාධනයෙන් පළමුව පන්දුවට පහරදුන් එංගලන්තය ලකුණු 165 ක් ලබා ගත්තේ කඩුලු 9ක් දැවී සිටියදීයි.්
නායක ජොස් බට්ලර් ලකුණු 45(30) ක් හා බ්‍රයිඩන් කර්ස් ලකුණු 31(17) ක් රැස් කළා. පන්දු යැවීමේදී අක්සාර් පටෙල් හා වරුන් චක්‍රවර්තී කඩුලු 2 බැගින් දවා ගත්තා.
මෙම ජයත් සමග තරග 5 කින් යුත් විස්සයි 20 තරගාවලිය මේ වන විට තරග 2-0 ක් ලෙස ඉන්දියාව පෙරමුණ හිමි කර ගෙන සිටිනවා.
මේ අතර, ශිවම් ඩූබේ හා රමන්දීප් සිං ඉන්දීය විස්සයි 20 සංචිතයට නම් කර තිබෙනවා. ඒ, ආබාධවලට ලක් වූ නිටිෂ් කුමාර් හා රින්කු සිං වෙනුවටයි.