Ultimate magazine theme for WordPress.

තිරිමාන්නත් ඔස්ට්‍රේලියානු ක්‍රීඩා සමාජයක් සමග ගිවිසුම් අත්සන් කරයි

ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක ළහිරු තිරිමාන්න ද ඕස්ට්‍රේලයාවේ මුල්ග්‍රේව් (Mulgrave) ක්‍රිකට් සමාජයත් සමග එක්ව තිබෙනවා.

ඒ අනුව ඔහු මෙවර තරග වාරයේ දී එම කණ්ඩායම වෙනුවෙන් ක්‍රීඩා කරනු ඇති.

කෙසේ වෙතත්, කොපමණ කාලයක් සදහා තිරිමාන්න සමග ගිවිසුම් ගත වී ඇත්දැයි එම කණ්ඩායම නිවේදනය කළේ නැහැ.

මුල්ග්‍රේව් ක්‍රිකට් සමාජයේ ප්‍රධාන පුහුණුකරු ලෙස ශ්‍රී ලංකා හිටපු ක්‍රිකට් නායකයෙකු වන සනත් ජයසූරිය මහතා කටයුතු කරන අතර, නායකයා ලෙස කටයුතු කරන්නේ ශ්‍රී ලංකා හිටපු ක්‍රිකට් ක්‍රීඩක තිලකරත්න ඩිල්ෂාන්.

එමෙන්ම හිටපු ආරම්භක පිතිකරුවෙකු වන උපුල් තරංග ද මුල්ග්‍රේව් ක්‍රිකට් සමාජය වෙනුවෙන් ක්‍රීඩා කිරීමට නියමිතයි.

ශ්‍රී ලංකා ප්‍රවීන වේග පන්දු යවන පුහුණුකරුවෙකු වන අනූෂ සමරනායක මහතා ද එම ක්‍රිකට් සමාජයේ සහාය පුහුණුකරු ලෙස පසුගිය මාසයේ දී පත් කෙරුණා.