තිරිමාන්නගේ විශ්‍රාම ගැනීම ගැන ක්‍රිකට් ආයතනයෙන් නිවේදනයක්
ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් සමු ගැනීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක ලහිරු තිරිමාන්න පසුගිය දිනක ගත් තීරණය ශ්‍රී ලංකා ක්‍රිකට් විධායක කමිටුව විසින් අනුමත කර තිබෙනවා.
විිශ්‍රාම ගැනීමට අදාළ ලිපියක් තිරිමාන්න විසින් ක්‍රිකට් ආයතනය වෙත යොමු කර තිබූ අතර, ඒ අනුව විධායක කමිටුව විසින් එය අනුමත කිරීමටයි පියවර ගෙන ඇත්තේ.
වහාම ක්‍රියාත්මක වන පරිදි තමා ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට සමු දෙන බව සිය ෆේස්බුක් ගිණුමේ සටහනක් තබමින් තිරිමාන්න නිවේදනය කළේ පසුගිය ජූලි 22 වැනිදායි.
ශ්‍රී ලංකාව වෙනුවෙන් ටෙස්ට් තරග 44 ක්, එක්දින තරග 127 ක් හා 20යි 20 තරග 26 ක් ක්‍රිඩා කර ඇති තිරිමාන්න එහිදී පිළිවෙලින් ලකුණු 2,088 ක්, 3,194 හා 291 ක් රැස් කර තිබෙනවා.
ටෙස්ට් ශතක 3 ක්, අර්ධ ශතක 10 ක් මෙන්ම එක්දින ශතක 4 ක් හා අර්ධ ශතක 21 ක් ඔහුගේ ජාත්‍යන්තර ක්‍රිකට් දිවිය වර්ණවත් කළා.
2014 ආසියානු කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ ශූරතාවය දිනූ ශ්‍රී ලංකා කණ්ඩායමේ ප්‍රබල සාමාජිකයෙකු වූ තිරිමාන්න අවසන් මහා තරගයේ දී පාකිස්තානයට එරෙහිව ශතකයක් ද වාර්තා කරමින් ශ්‍රී ලංකාවට ශූරතාවය දිනා ගැනීම සදහා දායකත්වය ලබා දුන්නා. එම තරගාවලියේ වීරයා සම්මානයෙන් ද පිදුම් ලැබුවේ තිරිමාන්නයි.
2014 පන්දුවාර 20යි 20 ලෝක කුසලානය දිනූ ශ්‍රී ලංකා කණ්ඩායමේ සාමාජිකයෙකු ලෙස ද ඔහු කටයුතු කළා.
ඔහු අවසන් වරට එක්දින කණ්ඩායම නියෝජනය කළේ 2019 වසරේ දී යි. 2022 වසරට යෙදී තිබූ ශ්‍රී ලංකා කණ්ඩායමේ ඉන්දීය සංචාරයේ දී යි ඔහු අවසන් වරට ටෙස්ට් තරගයක් සදහා ක්‍රීඩා කළේ.