Ultimate magazine theme for WordPress.

තියුණු සටනකින් පසු සුපිරි පන්දුවාරයේ දී ඕමානය පරදා නැමීබියාවට ජය

Match Report

2024 පන්දුවාර විස්සයි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ 3 වැනි තරගයෙන් ඕමානය පරදා සුපිරි පන්දුවාරයේ දී ජය වාර්තා කිරීමට නැමීබියා කණ්ඩායම අද(3) සමත් වුණා.

බර්බඩෝස්හි Kensington Oval ක්‍රීඩාංගනයේ පැවැති තරගයේ කාසියේ වාසිය පරාජයට පත්වීමෙන් පසුව පළමුව පන්දුවට පහර දීමට සිදු වූ ඕමානයට පන්දුවාර 19.4 ක් අවසානයේ සියලු දෙනා දැවී ලබා ගත හැකි වූයේ ලකුණු 109 ක් පමණයි.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ නැමීබියාවට ද පන්දුවාර 20 අවසානයේ දී කඩුලු 6 ක් දැවී ලබා ගත හැකි වූයේ ලකුණු 109 ක් පමණයි.

අනතුරුව ජයග්‍රාහකයා තෝරා ගැනීම සදහා සුපිරි පන්දුවාරයක් ලබා දුන් අතර, එහිදී පළමුව පන්දුවට පහර දුන් නැමීබියාව කිසිදු කඩුල්ලක් නොදැවී ලකුණු 21 ක් ලබා ගත්තා. Bilal Khan යොමු කළ එම පන්දුවාරයේ දී David Wiese ලකුණු 13 ක් රැස් කළ අතර, Gerhard Erasmus ලකුණු 8 ක් රැස් කළා.

පිළිතුරු ලෙස David Wiese යොමු කළ සුපිරි පන්දුවාරයේ දී ඕමානයට ලබා ගත හැකි වූයේ කඩුල්ලක් දැවී ලකුණු 10 ක් පමණයි.

මෙම තරගයේ පළමුව පන්දුවට පහරදුන් ඕමානය වෙනුවෙන් Khalid Kail ලකුණු 34(39) ක් හා Zeeshan Maqsood ලකුණු 22(20) ක් රැස් කළා. Ayaan Khan ලකුණු 15 යි. පන්දු යැවීමේ දී Ruben Trumpelmann ලකුණු 21 කට කඩුලු 4 ක් දවා ගත් අතර, David Wiese ලකුණු 28 කට කඩුලු 3 ක් බිද හෙලුවා.

නැමීබියා පිළිතුරු ඉනිමේ දී Jan Frylinck පන්දු 48 කින් ලකුණු 45 ක් ලබා ගත් අතර, Nikolaas Davin ලකුණු 24(31) කට දැවී ගියා. Gerhard Erasmus ලකුණු 13 යි. David Wiese නොදැවී ලකුණු 9ක් රැස් කළා.

පන්දු යැවීමේ දී Mehran Khan ලකුණු 7කට කඩුලු 3 ක් දවා ගත්තා.

තරගයේ අවසන් පන්දුවාරයේ දී ජය ගැනීම සදහා නැමීබියාවට ලකුණු 5 ක් පමණක් අවශ්‍ය වූ නමුත්, Mehran Khan යොමු කළ එම පන්දුවාරයේ දී ඔවුන්ට කඩුලු දෙකක් දැවී ලබා ගත හැකි වූයේ ලකුණු 4ක් පමණයි. (එම පන්දුවාරයේ දර්ශන පහතින්)

 

View this post on Instagram

 

A post shared by ICC (@icc)