Ultimate magazine theme for WordPress.

තියුණු අවසානයක් ගත් CSK-RR ගැටුමට කෝටි ගණනක වාර්තාගත ආකර්ශනයක්

මෙවර ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ තරග 17 ක් මේ වන විට පවත්වා අවසන්.

තරගාවලියේ අවසන් වරට පැවැති තරග කිහිපයම ඉතා තියුණු මුහුණුවරක් ගත් අතර, තරගවල ජයග්‍රාහකයින් තීරණය වූයේ බොහෝ විට අවසන් පන්දුවේ දී යි.

ඊයේ(12) පැවැති රාජස්ථාන් රෝයල්ස් හා චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම් අතර තරගය ද අවසන් පන්දුව දක්වා ඇදී ගිය අතර, ලකුණු තුනක තියුණු ජයක් වාර්තා කිරීමට රාජස්ථාන් පිල සමත් වුණා.

චෙන්නායි නායක මහේන්ද්‍ර සිං දෝනි අවසන් පන්දුවාර කිහිපයේ දී ප්‍රහාරාත්මක ඉනිමක් දියත් කරමින් පන්දු 17 කින් නොදැවී ලකුණු 32 ක් රැස් කරමින් තරගයේ ජය සිය කණ්ඩායමට හිමි කර දීමට දැඩි උත්සාහයක නිරත වූ නමුත්, එම උත්සාහය අසාර්ථක වුණා.

නමුත් එම උත්සාහය ක්‍රීඩාලෝලීන්ගේ දැඩි අවධානය දිනා ගැනීමට සමත් වූ බව නොරහසක්.

තරගාවලියේ අනෙකුත් තරග මෙන්ම මෙම තරගය ද Jio Cinema හරහා අන්තර්ජාලයෙන් නැරඹීමේ අවස්ථාව ක්‍රීඩාලෝලීන්ට උදා වී තිබුණා.

ඒ අනුව තියුණු අවසානයක් ගත් මෙම තරගය කෝටි 2.2 ක වාර්තාගත පිරිසක් නරඹා ඇති බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා කර ඇත්තේ.

මෙවර තරගාවලියේ දී Jio Cinema හරහා තරගයක් නැරඹූ ඉහළම ප්‍රේක්ෂක පිරිස බවට එය සටහන්ව තිබෙනවා.

Highest viewership on JioCinema for IPL 2023:

  • CSK vs RR – 2.2 cr
  • RCB vs LSG – 1.8 cr
  • MI vs DC – 1.7 cr
  • CSK vs LSG – 1.7
  • CSK vs GT – 1.6 cr