තවත් සුපිරි ඕස්ට්‍රේලියානු ක්‍රීඩකයෙකුට අවසන් එක්දින තරගය අහිමි වෙයි

ඕස්ට්‍රේලියානු මැදපෙල පිතිකරු ට්‍රැවිස් හෙඩ්ට ශ්‍රී ලංකාව සමග හෙට(24) පැවැත්වීමට නියමිත පස්වැනි සහ අවසන් එක්දින ක්‍රිකට් තරගය ක්‍රීඩා කිරීමේ අවස්ථාව අහිමි වී තිබෙනවා.
ඒ, නිමා වූ සිව්වැනි එක්දින තරගයේදී ඔහු මුහුණ දුන් පාදයක ආබාධයක් හේතුවෙන්.
මෙම ආබාධය නිසා ඔහුට එළඹෙන 29 වැනිදා ආරම්භ වීමට නියමිත පළමු ටෙස්ට් තරගය සඳහා ද ක්‍රීඩා කිරීමේ අවස්ථාව මේ වන විට අවිනිශ්චිත වී ඇති බව සඳහන්.
ඔහුගේ ආබාධය හේතුවෙන් හෙට පැවැත්වීමට නියමිත අවසන් එක්දින තරගය සඳහා මෙතෙක් එක්දින ජාත්‍යන්තර වරම් හිමි කරගෙන නොමැති ජොෂ් ඉන්ග්ලිස් කණ්ඩායමට නම් කිරීමට බොහෝ දුරට ඉඩ තිබෙනවා.
ආබාධවලට ලක්වූ ස්ටීවන් ස්මිත් සහ මිචෙල් ස්ටක් ද මෙතෙක් සම්පූර්ණයෙන්ම සුවය ලබා නොමැති බැවින් හෙට තරගය සදහා ද ඔවුන්ට ක්‍රීඩා කිරීමට නොහැකි වනු ඇති.
මීට පෙර මෙම තරග සංචාරයේදී ඕස්ට්‍රේලියානු කණ්ඩායමේ මර්කස් ස්ටොයිනිස්, ඇෂ්ටන් ඒගාර්, කේන් රිචර්ඩ්සන්, ෂෝන් ඇබෝට් වැනි ක්‍රීඩකයින් ද ආබාධවලට ලක් වුණා.
මිචෙල් මාෂ් ද ආබාධයකට ලක්වූ නමුත් පසුව ඔහු සුවඅතට පත් වුණා.
දෙරට අතර පැවැත්වෙන පස්වැනි එක්දින තරගය හෙට පස්වරු 2.30 ට කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගනයේදී ආරම්භ වීමට නියමිතයි.