Ultimate magazine theme for WordPress.

තවත් ශ්‍රී ලංකා ක්‍රීඩකයින් දෙදෙනෙකු PSL තරගාවලියට

මෙවර පාකිස්තාන සුපර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා තවත් ශ්‍රී ලංකා ක්‍රීඩකයින් දෙදෙනෙකු තෝරා ගැනීමට කණ්ඩායම් දෙකක හිමිකරුවන් කටයුතු කර තිබෙනවා.

තරගාවලියට අර්ධ වශයෙන් හෝ පූර්ණ වශයෙන් එක් වීමට නොහැකි වන ක්‍රීඩකයින් වෙනුවට වෙනත් ක්‍රීඩකයින් ආදේශ කිරීමේ ද අරමුණ ඇතිව අද (25) පැවැති ක්‍රීඩක තෝරා ගැනීමේ අවස්ථාවේ දී යි (replacement draft) එම ක්‍රීඩකයින් දෙදෙනා තෝරා ගනු ලැබුවේ.

මීට පෙර පාකිස්තාන සුපර් ලීග් ක්‍රිකට් තරගාවලියේ 8 වැනි අදියරට අදාළ ප්‍රධාන ක්‍රීඩක කෙටුම්පත් කිරීම (Draft) හෙවත් ක්‍රීඩකයින් තෝරා ගැනීමේ කටයුතු දෙසැම්බර් 15 වැනිදා පැවැති අතර, එහිදී ශ්‍රී ලංකා ක්‍රීඩකයින් දෙදෙනෙකු කණ්ඩායම් දෙකක් විසින් තෝරා ගනු ලැබුවා.

ඒ අනුව වනිදු හසරංග Quetta Gladiators (ක්වෙට්ටා ග්ලැඩියේටර්ස්) කණ්ඩායම සදහා ද , භානුක රාජපක්ෂ Peshawar Zalmi (පෙෂාවර් සල්මි) කණ්ඩායම සදහා ද ක්‍රීඩා කිරීමට නියමිතයි.

කෙසේ වෙතත්, හසරංග මෙවර තරගාවලිය සදහා සම්පූර්ණ වශයෙන් ක්‍රීඩා නොකරන බව සදහන්.

ක්‍රීඩක කෙටුම්පත් කිරීමට අදාළ තෙවැනි හා සිව්වැනි වට වෙනුවෙන් ක්‍රීඩකයින් තෝරා ගැනීමට කණ්ඩායම් 6 සදහා අද දිනයේ දී ද අවස්ථාව පැවැති අතර, අනතුරුව ක්‍රීඩක ආදේශ කිරීම් නම් කිරීමට අවස්ථාව ලබා දී තිබුණා.

ඒ අනුව Lahore Qalandars (ලාහෝර් කලැන්ඩර්ස්) කණ්ඩායම විසින් ක්‍රීඩක ආදේශ කිරීමක් ලෙස කුසල් මෙන්ඩිස් සිය කණ්ඩායම සදහා තෝරා ගෙන තිබෙනවා.

Quetta Gladiators (ක්වෙට්ටා ග්ලැඩියේටර්ස්) කණ්ඩායම විසින් නුවන් තුෂාර සිය කණ්ඩායමට තෝරා ගෙන ඇත්තේ ද ක්‍රීඩක ආදේශ කිරීමක් ලෙසයි.

2023 පාකිස්තාන සුපර් ලීග් ක්‍රිකට් තරගාවලිය පෙබරවාරි 13 වැනිදා ආරම්භ වීමට නියමිතයි.

Supplementary and replacements picks :

  • Peshawar Zalmi – Supplementary: Khurram Shahzad and Haris Sohail. Replacement: Richard Gleeson
  • Lahore Qalandars – Supplementary: Ahsan Bhatti. Replacement: Sam Billings, Shane Dadswell and Kusal Mendis
  • Islamabad United – Supplementary: Tom Curran and Zafar Gohar. Replacement: Gus Atkinson and Tymal Mills
  • Karachi Kings – Supplementary: Ben Cutting and Musa Khan. Replacement: Faisal Akram
  • Quetta Gladiators – Supplementary: Qais Ahmed and Saud Shakeel. Replacement: Dwaine Pretorius, Will Jacks and Nuwan Thushara
  • Multan Sultans – Supplementary: Kieron Pollard and Ammad Butt. Replacement: Wayne Parnell and Izharulhaq Naveed.