Ultimate magazine theme for WordPress.

තවත් රටවල් තුනකට ICC සාමාජිකත්වය

තවත් රටවල් 3ක් සදහා ජගත් ක්‍රිකට් කවුන්සලය (අයි.සී.සී) විසින් සිය සාමාජිකත්වය පිරිනමා තිබෙනවා.

මෙම දිනවලදී එංගලන්තයේ බර්මිංහැම්හී දී පැවැත්වෙන අයි.සී.සී වාර්ෂික රැස්වීමේ දී යි මෙම සාමාජිකත්වය පිරිනමා ඇත්තේ.

ඒ අනුව කාම්බෝජය හා උස්බෙකිස්ථානය යන ආසියානු රටවල් දෙක සදහා හා අප්‍රිකාවේ කෝට් දි අයිවරි (Cote D’Ivoire) හෙවත් අයිවර් කෝස්ට් රාජ්‍ය සදහා අයි.සී.සී සාමාජිකත්වය පිරිනමා තිබෙනවා.

ඒ අනුව මේ වන විට අයි.සී.සී සාමාජික රටවල් ගණන 108 ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.

ඊට ආසියානු රටවල් 25 ක් හා අප්‍රිකානු රටවල් 21 ක් ඇතුළත්.

මේ අතර, රට තුළ ක්‍රිකට් ක්‍රියාකාරකම් ආරක්ෂිතව නැවත ආරම්භ කිරීමට හැකි වන තුරු අයි.සී.සී සාමාජිකත්වය යුක්රේනයට ලබා දීම ප්‍රමාද කර තිබෙනවා.