තවත් නවසීලන්ත ක්‍රීඩිකාවකට ශ්‍රී ලංකා තරගාවලිය අහිමි වෙයි

නවසීලන්ත පිතිකාරිණී Lauren Down හට ශ්‍රී ලංකාව සමග පැවැත්වීමට නියමිත ඉතිරි එක්දින තරග දෙක ක්‍රීඩා කිරීමේ අවස්ථාව අහිමි වී තිබෙනවා.
ඒ, ඇයගේ පිට කොන්ද ආශ්‍රිතව සිදුව ඇති ආබාධයක් හේතුවෙන්.
ඇය වෙනුවට මෙතෙක් ජාත්‍යන්තර වරම් දිනා නොමැති Izzy Sharp සංචිතයට ආදේශ කිරීමටයි පියවර ගෙන ඇත්තේ.
දෙරට අතර පළමු එක්දින තරගය පැවැති දිනයේ පෙරවරු කාලයේදී Lauren Down මෙම ආබාධයට ලක්ව තිබූ අතර, පළමු එක්දින තරගයට ද ඇයට ක්‍රීඩා කිරීමට නොහැකි වුණා.
Lauren Down සංචිතයට ආදේශ කර තිබුණේ ද ආබාධයකට ලක් වූ Bella James වෙනුවටයි.
Sophie Devine (විවේකයක්), Molly Penfold (ආබාධ) හා Hayley Jensen (ආබාධ) යන ක්‍රීඩිකාවන් ද මෙම තරගාවලියට ක්‍රීඩා කරන්නේ නැහැ.
එමෙන්ම Amelia Kerr ද ඉන්දියාවේ පැවැත්වෙන කාන්තා ප්‍රිමියර් ලීග් තරගාවලියට ක්‍රීඩා කරන බැවින් ශ්‍රී ලංකාවට එරෙහි තරගාවලියෙන් ඉවත් වුණා.
දෙරට අතර පැවැති පළමු එක්දින තරගය වර්ෂාව හේතුවෙන් ප්‍රතිපලයකින් තොරව නිමා වූ අතර, දෙවැනි තරගය හෙට(7) නෙල්සන්හීදී පැවැත්වීමට නියමිතයි.
New Zealand Women’s ODI squad :
Suzie Bates (c), Eden Carson, Izzy Gaze, Maddy Green, Brooke Halliday, Bree Illing, Polly Inglis, Fran Jonas, Jess Kerr, Emma McLeod, Georgia Plimmer, Hannah Rowe, Izzy Sharp, Emma Black (game 3 only)