Ultimate magazine theme for WordPress.

තවත් දැවැන්ත ක්‍රීඩා උළෙලකට ක්‍රිකට් ක්‍රීඩාව යළි ඇතුළත් කෙරේ

2026 වසරේදී ජපානයේදී පැවැත්වීමට නියමිත ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රිකට් ක්‍රීඩාව ඇතුළත් කිරීමට තීරණය කර තිබෙනවා.

සැප්තැම්බර් 19 වැනිදා සිට ඔක්තෝබර් 4 වැනිදා දක්වා ආසියානු ක්‍රීඩා උළෙල ජපානයේ Aichi ප්‍රාන්තයේ Nagoya හීදී පැවැත්වීමටයි නියමිතව ඇත්තේ.

“The latest development in the compilation of the sports programme came at the 41st meeting of the AINAGOC Board of Directors at Nagoya City Hall on Monday, April 28, when cricket and Mixed Martial Arts were both formally approved,” යනුවෙන් ආසියානු ඔලිම්පික් කමිටුව නිවේදනය කළා.

ආසියානු ක්‍රීඩා උළෙලකට ක්‍රිකට් ක්‍රීඩාව ඇතුළත් වන සිව්වැනි අවස්ථාව මෙයයි. 2010 (Guangzhou) හා 2014 (Incheon) වසරවල පැවැති ආසියානු ක්‍රීඩා උළෙලට ක්‍රිකට් ක්‍රීඩාව ඇතුළත් වූ අතර, එම තරග සදහා ජාත්‍යන්තර තත්ත්වය ලබා දී තිබුණේ නැහැ.

කෙසේ වෙතත්, 2023 වසරේ දී යළිත් වරක් Hangzhou ආසියානු ක්‍රීඩා උළෙලට ක්‍රිකට් ක්‍රීඩාව ඇතුළත් වූ අවස්ථාවේදී එම තරග සදහා ජාත්‍යන්තර විස්සයි 20 තත්ත්වය ලබා දී තිබුණා.

2023 ආසියානු ක්‍රීඩා උළෙලේ පිරිමි ක්‍රිකට් රන් පදක්කම ඉන්දියාවටත්, රිදී පදක්කම ඇෆ්ඝනිස්තානයටත්, ලෝකඩ පදක්කම බංග්ලාදේශයටත් හිමි වුණා.

එහි කාන්තා අංශයේ රන් පදක්කම හා ලෝකඩ පදක්කම ද පිළිවෙලින් ඉන්දියාව හා බංග්ලාදේශය හිමි කර ගනිද්දී රිදී පදක්කම දිනා ගත්තේ ශ්‍රී ලංකාවයි.

පාකිස්තානය, නේපාලය, මාලදිවයින, හොංකොං, ජපානය, කාම්බෝජය, තායිලන්තය, මැලේසියාව, සිංගප්පූරුව, ඉන්දුනීසියාව වැනි රටවල්ද 2023 තරගාවලියට එක් වුණා.

2028 ලොස් ඇන්ජලීස් ඔලිම්පික් ක්‍රීඩා උළෙලට ක්‍රිකට් ක්‍රීඩාව ඇතුළත්ව ඇති පසුබිමකයි 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ද යළි ක්‍රිකට් ක්‍රීඩාව මෙලෙස ඇතුළත් කර ඇත්තේ.