Ultimate magazine theme for WordPress.

තරග රටා ත්‍රිත්වයෙන්ම යුත් සංචාරයක් අරඹමින් ඇෆ්ඝනිස්තාන පිල දිවයිනට

ශ්‍රී ලංකා තරග සංචාරය ආරම්භ කරමින් ඇෆ්ඝනිස්තාන ටෙස්ට් සංචිතයේ ක්‍රීඩකයින් ඊයේ (30) රාත්‍රී කාලයේ දී දිවයිනට පැමිණියා.

හෂ්මතුල්ලාහ් ශහීඩිගේ නායකත්වයෙන් යුත් ඇෆ්ඝනිස්තාන ටෙස්ට් සංචිතයට ක්‍රීඩකයින් 16 දෙනෙකු ඇතුළත්.

ඇෆ්ඝනිස්තාන පිලේ මෙම ශ්‍රී ලංකා තරග සංචාරයට ටෙස්ට් තරගයක්, එක්දින තරග තුනක් හා 20යි 20 තරග තුනක් ඇතුළත්.

ටෙස්ට් තරගය පෙබරවාරි දෙවැනිදා සිට කොළඹ එස්.එස්.සී ක්‍රීඩාංගනයේ දී පැවැත්වීමට නියමිතව තිබෙනවා.

එක්දින තරගාවලියේ සියලු තරග මහනුවර පල්ලේකැලේ ක්‍රීඩාංගනයේ දී පැවැත්වීමට නියමිත අතර, පෙබරවාරි 09, 11 හා 14 යන දිනවලදී එම එක්දින තරග 3 පැවැත්වීමට නියමිතයි.

20යි 20 තරගාවලිය පෙබරවාරි 17, 19 හා 21 යන දිනවලදී දඹුල්ල ක්‍රීඩාංගනයේ දී පැවැත්වීමට නියමිතව තිබෙනවා.

ධනංජය ද සිල්වා ටෙස්ට් නායකත්වයට පත් වීමෙන් අනතුරුව ශ්‍රී ලංකාව ක්‍රීඩා කරන පළමු ටෙස්ට් තරගය වන්නේ මෙම තරගයයි.

තරගය සදහා වන ශ්‍රී ලංකා සංචිතය මෙතෙක් නිල වශයෙන් නිවේදනය කර නැහැ.

දෙරට අතර පැවැත්වෙන ටෙස්ට් තරගය ප්‍රේක්ෂකයින්ට නොමිලේ නැරඹීමේ අවස්ථාව ලබා දීමට ද ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තීරණය කර තිබෙනවා.

Afghanistan squad:

Hashmatullah Shahidi (c), Ibrahim Zadran, Abdul Malik, Noor Ali Zadran, Rahmat Shah (vc), Bahir Shah, Nasir Jamal, Ikram Alikhil (wk), Mohammad Ishaq (wk), Qais Ahmad, Zia-ur-Rehman, Zahir Khan, Yamin Ahmadzai, Nijat Masood, Mohammad Saleem, Naveed Zadran

Match Officials for the Test Match

Chris Broad – ICC Elite Referee
Michael Gough – ICC Elite Umpire
Alex Wharf – ICC Umpire
Chris Brown – ICC Umpire
Prageeth Rambukwella – ICC umpire