Ultimate magazine theme for WordPress.

තරග තහනමට එරෙහි අක්මාල්ගේ අභියාචනයට යළි දින නියම වෙයි

ADVERTISEMENT

තමන්ට එරෙහිව පැනවූ වසර තුනක තරග තහනමට එරෙහිව පාකිස්තාන පිතිකරු උමාර් අක්මාල් ගොණු කළ අභියාචනය ලබන 13 වනදා සලකා බලන බව පාකිස්තාන ක්‍රිකට් ආයතනය පවසනවා.

එය පසුගිය ජූනි 11 වනදා සිදු කිරීමට මීට පෙර නියමිතව තිබූ නමුත් කොරෝනා වසංගත තත්ත්වය සැලකිල්ලට ගනිමින් අභියාචනය සලකා බැලීම කල් දැමුණා.

පාකිස්තාන ක්‍රිකට් ආයතනයේ දූෂණ විරෝධී සංග්‍රහය උල්ලංඝනය කිරීමේ චෝදනා දෙකක් උමාර් අක්මාල්ට එරෙහිව එල්ල වී තිබූ අතර, ඒ අනුවයි ඔහුට වසර 3ක තරග තහනමක් පැනවුණේ.

එම තහනම මෙම සිද්ධියට අදාළව ඔහුට එරෙහිව පළමු වරට තාවකාලික තරග තහනමක් පැනවූ පසුගිය පෙබරවාරි 20 වනදා සිට ක්‍රියාත්මක වනු ඇති.

පාකිස්තාන සුපර් ලීග් තරගාවලියට අදාළව තරග පාවාදීම සදහා ඔහුට කෙරුණු යෝජනා පිළිබද තොරතුරු වාර්තා කිරීමට දෙවරක්ම අසමත් වීම උමාර් අක්මාල්ට එරෙහිව එල්ල වූ චෝදනාවයි.

Leave a comment
x