Ultimate magazine theme for WordPress.

තමිම් ඉක්බාල් නායකත්වයට සමු දෙයි ; ආසියානු කුසලානයෙනුත් ඉවතට

ADVERTISEMENT

බංග්ලාදේශ එක්දින ක්‍රිකට් කණ්ඩායමේ නායකත්වයෙන් වහාම ක්‍රියාත්මක වන පරිදි ඉවත් වීමට තමිම් ඉක්බාල් තීරණය කර තිබෙනවා.

ඒ, 2023 ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලිය ආරම්භ වීමට තවත් මාස දෙකක පමණ කාලයක් ඉතිරිව ඇති පසුබිමකයි.

එමෙන්ම ඔහුට එළඹෙන ආසියානු කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලිය ද ක්‍රීඩා කිරීමේ අවස්ථාව අහිමි වී තිබෙනවා. ඒ, ඔහු පිට කොන්ද ආශ්‍රිත ආබාධයකට ලක්ව සිටීම හේතුවෙන්.

පසුගිය ජූලි 6 වැනිදා ඔහු ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් සමු ගැනීමට ද තීරණය කළ නමුත්, දිනකට පසුව ඔහු එම තීරණය යළි සංශෝදනය කළා.

බංග්ලාදේශ අග්‍රාමාත්‍ය Sheikh Hasina සමග පැවැති සාකච්ඡාවකින් පසුවයි ඔහු යළි ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට පිවිසීමට තීරණය කළේ.

මේ අතර, ආබාධය හේතුවෙන් තමිම් ඉක්බාල්ට ආසියානු කුසලාන තරගාවලිය ක්‍රීඩා කිරීමට නොහැකි වුව ද, ඔහුට සැප්තැම්බර් 21 වැනිදා නවසීලන්තයට එරෙහිව බංග්ලාදේශයේ දී ආරම්භ වීමට නියමිත එක්දින තරගාවලිය සදහා ක්‍රීඩා කිරීමට හැකි වනු ඇති බවටයි අපේක්ෂා කෙරෙන්නේ.

Leave a comment