තමිම් ඉක්බාල් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට යළි සමු දෙයි
තමා ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් සමු ගැනීමට තීරණය කළ බව බංග්ලාදේශ පිතිකරු තමිම් ඉක්බාල් පවසනවා.
“I have been away from international cricket for quite some time, and the gap will not close. My chapter in international cricket is over,” යනුවෙන් තමිම් සිය ෆේස්බුක් පිටුවේ සටහනක් තබමින් සදහන් කළා.
ඒ, ශූරයින්ගේ කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලිය ද ආරම්භ වීමට සති කිහිපයක් ඉතිරිව ඇති පසුබිමකයි. තමිම් ඉක්බාල් මෑතකදී එරට තේරීම් කමිටුව ද හමු වී සාකච්ඡා සිදු කර තිබුණා.
මීට පෙර 2023 වසරේදී ද ඔහු ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් සමු ගත් නමුත්, දිනකට පසුව ඔහු එම තීරණය වෙනස් කරමින් යළි ජාත්‍යන්තර තරග බිමට පිවිසීමට තීරණය කළා.
ඒ, එවකට අග්‍රාමාත්‍යවරිය වූ Sheikh Hasina සමග පැවැති සාකච්ඡාවකින් අනතුරුවයි.
2007 වසරේදී ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට පිවිසි තමිම් ඉක්බාල් මේ වන විට 35 වන වියේ පසුවනවා. ඔහු ටෙස්ට් තරග 70ක්, එක්දින තරග 243 ක් හා විස්සයි 20 තරග 78 ක් බංග්ලාදේශය වෙනුවෙන් ක්‍රීඩා කර තිබෙනවා.