Ultimate magazine theme for WordPress.

තමා සූදානම් බව ඇන්ජලෝ මැතිව්ස් ක්‍රිකට් ආයතනයට දන්වයි

ADVERTISEMENT

ශ්‍රී ලංකා සුපිරි තුන් ඉරියව් ක්‍රීඩක ඇන්ජෙලෝ මැතිව්ස් යළි ක්‍රිකට් පිටියට පිවිසීමට තීරණය කර ඇති බව වාර්තා වනවා.

ඒ අනුව ඔහු විසින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට ඊයේ(10) දැනුම් දී ඇත්තේ තමා ඉදිරි තරගාවලි වෙනුවෙන් ක්‍රීඩා කිරීමට සූදානමින් පසුවන බවයි.

තමාව ජාතික කණ්ඩායමේ වගකීම්වලින් තාවකාලිකව නිදහස් කරන ලෙසට ඔහු පසුගිය ජූලි මාසයේ දී ක්‍රිකට් ආයතනයට දන්වා තිබුණා.

නැවත දැනුම් දෙන තුරු පෞද්ගලික හේතූන් මත මැතිව්ස් එම ඉල්ලීම සිදු කර තිබූ බවයි ක්‍රිකට් ආයතනය සදහන් කළේ.

එමෙන්ම ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් සමු ගැනීමට ද තමා අවධානය යොමු කර ඇතැයි ඔහු විසින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට දැනුම් දී තිබූ බව වාර්තා වුණා.

කෙසේ වෙතත්, තමා ඉදිරි තරගාවලි සදහා වන තේරීම්වලට සලකා බලන ලෙසට ඇන්ජෙලෝ මැතිව්ස් විසින් මේ වන විට ක්‍රිකට් ආයතනයට දැනුම් දී ඇති බවයි newswire වෙබ් අඩවිය වාර්තා කර ඇත්තේ.

ඒ අනුව ලබන 27 වනදා ආරම්භ වන දේශීය තරග වාරය සදහා ඔහු කොල්ට්ස් ක්‍රිකට් සමාජය වෙනුවෙන් ක්‍රීඩා කරනු ඇති.

එමෙන්ම නොවැම්බර් මාසයේ දී බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමට එරෙහිව පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලිය සදහා ද, එළඹෙන ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලිය සදහා ද ක්‍රීඩා කිරීමට මැතිව්ස් මේ වන විට සූදානමින් පසුවන බව සදහන්.

Leave a comment