ඩොටින්ට WPL අහිමි වෙයි
ගුජරාට් ජයන්ට්ස් කණ්ඩායම නියෝජනය කිරීමට නියමිතව සිටි බටහිර ඉන්දීය කොදෙව් තුන් ඉරියව් ක්‍රීඩිකා Deandra Dottin ට ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය පළමු වරට සංවිධාන කරන කාන්තා ප්‍රිමියර් ලීග් (Women’s Premier League) (WPL) ක්‍රිකට් තරගාවලියෙන් ඉවත් වීමට සිදුව තිබෙනවා.
අසනීප තත්ත්වයක් හේතුවෙන් එලෙස ඇයට තරගාවලියෙන් ඉවත් වීමට සිදුව ඇති බව සදහන්.
ඇය වෙනුවට ඔස්ට්‍රේලියානු තුන් ඉරියව් ක්‍රීඩිකා Kim Garth සංචිතයට ආදේශ කිරීමටයි ජයන්ට්ස් කණ්ඩායම පියවර ගෙන ඇත්තේ.
ක්‍රීඩිකාවන් මිලදී ගැනීම සදහා පැවැති වෙන්දේසියේ දී Deandra Dottin ඉන්දීය රුපියල් ලක්ෂ 60 ක මුදලකට ගුජරාට් ජයන්ට්ස් කණ්ඩායම විසින් මිලදී ගෙන තිබුණා.
WPL තරගාවලිය අද ආරම්භ වන අතර, පළමු තරගය පැවැත්වෙන්නේ මුම්බායි ඉන්දියන්ස් කාන්තා කණ්ඩායම හා ගුජරාට් ජයන්ට්ස් කාන්තා කණ්ඩායම අතරයි.