ඩු ප්ලෙසිස්ගේ 96 හා හේසල්වුඩ්ගේ කඩුලු 4 RCB පිලට ජය ගෙනෙයි
Match Report

ෆෆ් ඩු ප්ලෙසිස්සේ නායකත්වයේ ඉනිම හා ජොෂ් හේසල්වුඩ්ගේ විශිෂ්ඨ පන්දු යැවීම හේතුවෙන් මෙවර ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ 31 වැනි තරගයෙන් ජය වාර්තා කිරීමට රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් කණ්ඩායම සමත් වුණා.
ඔවුන් හමුවේ මුම්බායි හි DY Patil ක්‍රීඩාංගනයේ පැවැති තරගයෙන් ලකුණු 18ක පරාජයක් ලැබුවේ ලක්නව් සුපර් ජයන්ට්ස් කණ්ඩායමයි.
කාසියේ වාසිය දිනූ ලක්නව් කණ්ඩායමේ ආරාධනයෙන් තරගයේ පළමුව පන්දුවට පහරදුන් බැංගලෝර් කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසන් කළේ කඩුලු 6ක් දැවී ලකුණු 181ක් ලබා ගනිමින්.
තරගයේ පළමු පන්දුවාරයේ දී ම අනුජ් රාවත් ලකුණු 4කට හා විරාට් කෝලි ලකුණු නොලබා සිටියදී දවා ගැනීමට දුෂ්මන්ත චමීර සමත් වුණා.
කෙසේ වෙතත්, සටන්කාමී ඉනිමක් දියත් කරමින් නායකත්වයේ වගකීම නිසි ලෙස ඉටු කළ ෆෆ් ඩු ප්ලෙසිස් පන්දු 64කින් ලකුණු 96ක් රැස් කළා. ඒ, හයේ පහර 2ක් හා හතරේ පහර 11ක් සමගින්.
ශහ්බාස් අහ්මඩ් ලකුණු 26ක් හා ග්ලේන් මැක්ස්වෙල් ලකුණු 23ක් ලබා ගත්තා.
පන්දු යැවීමේ දී චමීර පන්දුවාර 3ක් යොමු කරමින් ලකුණු 31කට කඩුලු 2ක් දවා ගත් අතර, ජේසන් හෝල්ඩර් ලකුණු 25කට කඩුලු 2ක් බිද හෙලුවා.
පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ලක්නව් පිලට පන්දුවාර 20 අවසානයේ කඩුලු 8ක් දැවී ලබා ගත හැකි වූයේ ලකුණු 163ක් පමණයි.
කෘනාල් පාන්ඩ්යා ලකුණු 42ක් හා නායක කේ.එල් රාහුල් ලකුණු 30ක් රැස් කළා.
පන්දු යැවීමේ දී ජොෂ් හේසල්වුඩ් ලකුණු 25කට බිද හෙලූ කඩුලු ගණන 4ක්. හර්ෂාල් පටෙල් ලකුණු 47කට කඩුලු 2ක් බිද හෙලුවා.
වනිදු හසරංග පන්දුවාර 2ක් පමණක් ක්‍රියාත්මක කළ අතර, ඔහු එහිදී ප්‍රතිවාදීන්ට ලකුණු 20ක් ලබා දුන් නමුත් කිසිදු කඩුල්ලක් දවා ගැනීමට ඔහුට හැකි වූයේ නැහැ.
Marcus Stoinis adding some extra colorful vocabulary to this night of IPL action. pic.twitter.com/vGf7d2oIFp
— Peter Della Penna (@PeterDellaPenna) April 19, 2022
— cric fun (@cric12222) April 20, 2022