ඩී කොක් නායකත්වයෙන් ඉවතට
දකුණු අප්‍රිකාවේ පැවැත්වෙන SA20 තරගාවලියට ක්‍රීඩා කරන ඩර්බන් සුපර් ජයන්ට්ස් කණ්ඩායමේ නායකත්වයෙන් ක්වෙන්ටන් ඩී කොක් ඉවත් කර තිබෙනවා.
ඒ අනුව 2024 තරග වාරය වෙනුවෙන් කේෂාව් මහරාජ් කණ්ඩායමේ නායකයා ලෙස පත් කිරීමටයි පියවර ගෙන ඇත්තේ.
ඩී කොක් ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ දී ද ලක්නව් සුපර් ජයන්ට්ස් කණ්ඩායම නියෝජනය කරන අතර, SA20 තරගාවලියේ පළමු තරගයේ දී ඔහුගේ නායකත්වය යටතේ ඩර්බන් සුපර් ජයන්ට්ස් කණ්ඩායම තරග 10කින් ජය ගත්තේ තරග 4 ක් පමණයි.
කෙසේ වෙතත්, පිතිකරුවෙකු ලෙස ඔහු එම තරග වාරයේ දී ලකුණු 271 ක් වාර්තා කළේ 151.39 ක ප්‍රහාරාත්මක වේගයක් සටහන් කර ගනිමින්.
ඩී කොක් වෙනුවට නායකත්වයට පත් කෙරුණු මහරාජ් දකුණු අප්‍රිකා කණ්ඩායම එක්දින තරග 7කදී හා 20යි 20 තරග 5 කදී මෙහෙයවා තිබෙනවා.