Ultimate magazine theme for WordPress.

ඩිල්ෂාන්ගේ දියණිය ඔස්ට්‍රේලියානු සංචාරයට නම් කෙරේ

එළඹෙන ඔස්ට්‍රේලියානු තරග සංචාරය සදහා වන ශ්‍රී ලංකා වයස අවුරුදු 19 න් පහළ කාන්තා සංචිතය නම් කර තිබෙනවා.

සංචිතයට ශ්‍රී ලංකා හිටපු ක්‍රිකට් ක්‍රීඩක තිලකරත්න ඩිල්ෂාන්ගේ දියණිය වන ලිමන්සා තිලකරත්න ද ඇතුළත්ව සිටීම විශේෂත්වයක්.

මනුදි නානායක්කාරගේ නායකත්වයෙන් යුත් සංචිතයට ක්‍රීඩිකාවන් 16 දෙනෙකු ඇතුළත්.

මෙම සංචාරයේ දී ශ්‍රී ලංකා යොවුන් කාන්තා කණ්ඩායම, ඔස්ට්‍රේලියාව හා නවසීලන්තය සමග තුන්කොන් තරගාවලි ක්‍රීඩා කිරීමට නියමිතයි.

එහිදී විස්සයි 20 හා පන්දුවාර 50 යන තරග රටා ද්විත්වයෙන්ම තරගාවලි පැවැත්වීමට නියමිතව තිබෙනවා.

සංචාරයේ දී ශ්‍රී ලංකාව ක්‍රීඩා කරන පළමු තරගය සැප්තැම්බර් 20 වැනිදා පැවැත්වීමට නියමිත බවයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සදහන් කළේ.

ශ්‍රී ලංකා යොවුන් සංචිතය –

  1. Manudi Nanayakkara, Captain – Princess of Wales College, Moratuwa
  2. Rashmika Sewwandi, Vice-Captain – Anura Vidyalaya, Matara
  3. Sumudu Nisansala – Devapathiraja College, Rathgama
  4. Sanjana Kavindi – Devapathiraja College, Rathgama
  5. Vimoksha Balasuriya – Sinhala M. V. Trincomalee
  6. Rashmi Nethranjali – Devapathiraja College, Rathgama
  7. Erandi Hansamali – Wadduwa Central College, Wadduwa
  8. Pramudi Methsara – Uhana Central College, Ampara
  9. Hiruni Hansika – Devapathiraja College, Rathgama
  10. Chamodi Praboda – Pagngnananda MV, Monaragala
  11. Dahami Sanethma – Anula Vidyalaya, Nugegoda
  12. Asheni Thalagune – Mahamaya Balika MV, Kandy
  13. Shehara Induwari – Devapathiraja College, Rathgama
  14. Danuli Thennekoon – Maliyadewa Balika MV, Kurunegala
  15. Nethagi Isuranjali – Devapthiraja College, Rathgama
  16. Limansa Thilakarathne
Leave a comment