Ultimate magazine theme for WordPress.

ඩ්‍රාවිඩ් සමග ලංකාවට එන ඉන්දීය පිරිස මෙන්න

එළඹෙන ශ්‍රී ලංකා තරග සංචාරය සදහා ඉන්දීය ක්‍රිකට් තේරීම් කමිටු සාමාජිකයින් දෙදෙනෙකුට ද එක්වන ලෙසට එරට ක්‍රිකට් ආයතනය දැනුම් දී තිබෙනවා.

ඒ අනුව Abey Kuruvilla සහ Debasis Mohanty ශ්‍රී ලංකා සංචාරය සදහා එක්වීමට නියමිත බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ.

ඔවුන් මේ වන විටත් මුම්බායි සිට නිරෝධායනයට ලක් වෙමින් සිටින බව සදහන්.

රාහුල් ඩ්‍රාවිඩ්ගේ පුහුණුකාරීත්වයෙන් ඉන්දීය කණ්ඩායම මෙම තරග සංචාරයට එක්වන අතර, පුහුණු කාර්යය මණ්ඩලයට සාමාජිකයින් 18 දෙනෙකු ඇතුළත්.

ඉන්දීය සංචිතයට අයත් සමස්ත ක්‍රීඩකයින් සංඛ්‍යාව 25ක්.

හිටපු විනිසුරුවරයෙකු වන Sudhir Asnani කණ්ඩායමේ කළමණාකරු ලෙස කටයුතු කරනු ඇති.

සංචාරයට එක්වන සියලු දෙනා මේ වන විට නිරෝධායනයට ලක්වෙමින් සිටින අතර, ඔවුන් ලබන 28 වනදා දිවයිනට පැමිණීමට නියමිතයි.

ශ්‍රී ලංකා සංචාරයේ දී දෙරට අතර එක්දින සහ 20යි 20 තරග 3 බැගින් පැවැත්වීමට නියමිත අතර, පළමු තරගය ලබන 13 වනදා කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගනයේ දී පැවැත්වීමට නියමිතව තිබෙනවා.

ඉන්දීය ටෙස්ට් කණ්ඩායම මේ වන විට එංගලන්ත සංචාරයක නිරතව සිටින නමුත්, එම සංචාරය සදහා කිසිදු තේරීම් කමිටු සාමාජිකයෙකු එක්ව නැහැ.

Support Staff: Rahul Dravid (head coach); Sudheer Asnani (Manager), Paras Mhambrey (Bowling coach), T Dilip (Fielding coach); Ashish Kaushik (Physio), Niranjan Pandit (Physio), Anand Date (trainer), AI Harsha (Trainer), Ashok Sadh (Training assistant – throwdown specialist), Sourav Ambadkar (Throwdown specialist), Nandan Majhi (Masseur), Mangesh Gaikwad (Masseur), L Varun (Analyst), Anand Subramaniam (media manager), Ameya Tilak (Content producer), Abhijit Salvi (Team doctor), Ravindra Dholpure (Anti-corruption and security officer) and Sumeet Mallapurkar (Logistics manager).

You might also like
logo