ටොම් මූඩි ක්‍රිකට් අධ්‍යක්ෂධූරයට

ශ්‍රී ලංකා ක්‍රිකට් අධ්‍යක්ෂ ධූරය සදහා ඔස්ට්‍රේලියානු ජාතික ටොම් මූඩි පත් පත් කළ බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පවසනවා.
මාර්තු පළමු වනදා සිට බලපැවැත්වෙන පරිදි මෙම පත් කිරීම සිදු කර ඇති බවයි එම ආයතනය නිවේදනය කළේ.
වසර 3ක කාලයක් සදහා ඔහු ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සමග කොන්ත්‍රාත්ගත වී ඇති බව සදහන්.
මෙම ක්‍රිකට් අධ්‍යක්ෂ තනතුර ක්‍රිකට් තාක්ෂණික උපදේශක කමිටුවේ නිර්දේශ මත අලුතින් පිහිටුවූ තනතුරක්.
ඒ අනුව එම ධූරයේ වගකීම් අතරට ඉදිරි ජාත්‍යන්තර තරගාවලි සම්බන්ධයෙන් විශ්ලේෂණය කිරීම, දේශීය තරඟාවලි ව්‍යුහය පිළිබද අවධානය යොමු කිරීම, ක්‍රීඩක සුබසාධනය, අධ්‍යාපනය සහ නිපුණතා සංවර්ධනය, පුහුණු සහ සහායක කාර්ය මණ්ඩල ව්‍යුහය මෙන්ම ඉහළ කාර්ය සාධනය සහ දත්ත විශ්ලේෂණ යන අංශ එක් වනවා.
2007 වසරේ දී ශ්‍රී ලංකාව ලෝක ක්‍රිකට් අනුශූරතාවය ජය ගන්නා අවස්ථාවේ දී ශ්‍රී ලංකා කණ්ඩායමේ පුහුණුකරු ලෙස ද කටයුතු කළේ ටොම් මූඩි.