Ultimate magazine theme for WordPress.

ටේලර්, විලියම්ස් හා අර්වින් සිම්බාබ්වේ සංචිතයට කැදවයි

සිම්බාබ්වේ කණ්ඩායමේ ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයින් තිදෙනෙකු වන බ්‍රෙන්ඩන් ටේලර්, ක්‍රෙයිග් අර්වින් සහ ෂෝන් විලියම්ස් එළඹෙන අයර්ලන්ත හා ස්කොට්ලන්ත තරග සංචාර සඳහා කැදවා තිබෙනවා.

සිම්බාබ්වේ කණ්ඩායම අගෝස්තු 27 වනදා සිට අයර්ලන්තයට එරෙහිව විස්සයි 20 තරග පහකට සහ එක්දින තරග තුනකට ක්‍රීඩා කිරීමට නියමිතයි.

අනතුරුව ස්කොට්ලන්තයට පැමිණෙන සිම්බාබ්වේ කණ්ඩායම සැප්තැම්බර් 15 වනදා සිට තවත් විස්සයි 20 තරග තුනක් ස්කොට්ලන්තයට එරෙහිව ක්‍රීඩා කිරීමට නියමිතව තිබෙනවා.

බංග්ලාදේශයට එරෙහිව පැවැති විස්සයි 20 ක්‍රිකට් තරගාවලියෙන් ටේලර් විවේක ගැන්වීමට තීරණය කර තිබූ අතර, කොවිඩ් 19 ආසාදිතයෙකුගේ ආශ්‍රිතයෙකු වීම හේතුවෙන් හුදෙකලා වීමට සිදු වීම නිසා අර්වින්ට සහ විලියම්ස්ට බංග්ලාදේශයට එරෙහි ටෙස්ට්, එක්දින හා 20යි 20 තරඟ අහිමි වුණා.

බංග්ලාදේශයට එරෙහිව නම් කෙරුණු ක්‍රීඩකයින් 15 දෙනා ද ඉදිරි සංචාර සදහා නම් කිරීමටයි එරට තේරීම් කමිටුව පියවර ගෙන ඇත්තේ.

අයර්ලන්තය සමඟ පැවැත්වෙන එක්දින තරඟාවලිය අයි.සී.සී එක්දින ලෝක කුසලාන සුපර් ලීගය යටතට ද අයත්.

සිම්බාබ්වේ කණ්ඩායම සුපර් ලීගයේ අවසන් ස්ථානයේ රැදී සිටින්නේ තරඟ 6 කට ක්‍රීඩා කර ඉන් එක් තරගයක් පමණක් ජය ගනිමින්.

මේ අතර, සිම්බාබ්වේ කණ්ඩායමට එරෙහි අයර්ලන්ත 20යි 20 සංචිතය ද නම් කර තිබෙනවා.

ZIM Squad:

Ryan Burl, Regis Chakabva, Tendai Chatara, Craig Ervine, Luke Jongwe, Tinashe Kamunhukamwe, Wessly Madhevere, Tadiwanashe Marumani, Wellington Masakadza, Tarisai Musakanda, Blessing Muzarabani, Dion Myers, Richard Ngarava, Sikandar Raza, Milton Shumba, Brendan Taylor, Sean Williams, Donald Tiripano.

IRE T20I squad:

Andrew Balbirnie (C), Mark Adair, Curtis Campher, George Dockrell, Shane Getkate, Josh Little, Barry McCarthy, William McClintock, Kevin O’Brien, Neil Rock, Simi Singh, Paul Stirling, Harry Tector, Lorcan Tucker, Ben White, Craig Young.

Leave a comment